All Stories
Showing posts with label දේශීය තාක්ෂණික පුවත්. Show all posts

Tuesday, January 7, 2014

අන්තර්ජාලය 
හරහා 
අසභ්‍ය දර්ශන 
සොයාගැනීම 
වාරණය 
කිරීමට 
ගූගල් සැරසෙයි

ළමයින් යොදාගෙන සිදුකෙරන ලිංගික අපයෝජනයන් ඇතුළත් වීඩියෝ දර්ශන හා ඡායාරූප අන්තර්ජාල සෙවුම් යන්ත්‍ර වලින් සොයාගැනීම වාරණය කිරීමට ගූගල් සමාගම ( Google company)සැරැසෙයි. මේ සදහා ගූගල් සමාගම නවතම තාක්ෂණයක් ද හදුන්වා දී තිබේ. 

එයින් සිදුවන්නේ ළමා අපචාර හෝ ලිංගික ක්‍රියාකාරකම් සොයා කිසිවෙකුත් අන්තර්ජාල සෙවුම් යන්ත්‍ර භාවිතා කිරීමට යන්නේ නම් එය සෙවුම් යන්ත්‍රය හදුනාගෙන සෙවුම් ප්‍රතිඵල ලබාදීම අත්හිටුවීමයි. සෙවුම් යන්ත්‍රයකින් සෙවුම් ප්‍රතිඵල (Google search result)ලබා ගැනීමට සෙවුම් වදන් භාවිතා කළ යුතුවේ. 

ළමා අපයෝජනයන් ඇතළත් වේ යැයි සිතිය හැකි සෙවුම් වදන් 13000 කට අධික ප්‍රමාණයක් ගූගල් සමාගම තම සෙවුම් යන්ත්‍ර පද්ධතියට එක් කර ඇති අතර එම එක් සෙවුම් වදනක් හෝ අන්තර්ජාලය භාවිතා කරන්නෙකු සෙවුම් යන්ත්‍රයේ සටහන් කළහොත් එය වහාම හඳුනාගන්නා පද්ධතිය අන්තර්ජාලයේ සෙවුම් සිදුකිරීම අත්හිටුවා දමා භාවිතා කරන්නාට අනතුරු ඇගවීමකුත් නිකුත් කිරීමේ සමත් ය. 

දැනට ගූගල් සමාගමේ 'ගූගල්' සෙවුම් යන්ත්‍රයේත් මයික්‍රොසොෆ්ට් සමාගමේ 'බ්ලින්ග්'(Bing) සෙවුම් යන්ත්‍රයේත් මෙය ක්‍රියාත්මක අතර ඉදිරියේ දී අනෙක් සෙවුම් යන්ත්‍රත් මෙම තාක්ෂණය භාවිතයට ගැනීමට නියමිත ය. 

මිට අමතරව ගූගල් සමාගම විශේෂයෙන් පුහුණු කෙරූ මෘදුකාංග ඉංජිනේරුවන් අනතර්ජාල විමර්ෂකයින් ලෙස පත්කිරීමටත් සැළසුම් කර ඇත. ඔවුන්ගෙන් සමාගම බලාපොරොත්තු වන්නේ අන්තර්ජාලයේ ඇති ළමා අපයෝජන ක්‍රියා ඇතුළත් වීඩියෝ හා ඡායාරූප ඉවත් කිරීමය. 

ලිංගික අපයෝජනයන් ඇතුළත් දර්ශනයන් ඉවත් කිරීමේ වගකීම භාරදිය යුත්තේ මිනිසුන්ටම මිස පරිගණක වලට නොවන බව ගූගල් සමාගමේ මතය යි. 

මන්ද ඡායාරූපයක් හෝ විඩියෝවක් අපයෝජනයක් වේදැයි හෝ නොවේදැයි යන්න පරිගණක වලටම හදුනාගත හැකි තාක්ෂණයක් මෙතෙක් සොයාගෙන නොමැති හෙයින් ය. 

මුල දී ගූගල් හා මයික්‍රොසොෆ්ට් සමාගම් දෙකම තති මතයක පිහිටා අන්තර්ජාලයේ සෙවුම් සීමා කිරීම යනු අන්තර්ජාලයට වාරණයක් පැනවීම වැන්නකයි ද එය අන්තර්ජාලය පිහිටුවීමේ අරමුණ උල්ලංඝණය කරන්නක් යැයිද පැවසූ අතර නමුත් ලොව රටවල්වලින් එල්ල වන්න්ට ගත් පීඩනය නිසා මෙසේ ඔවුන් දැරූ ස්ථාවරය වෙනස් කරගෙන ඇත. 

දැනට තෝරාගත් රටවල් කිහිපයක මෙම වාරණය ක්‍රියාත්මක අතර ඉදිරි මාස 6 ක කාලයේ දී ලොවම ආවරණය කිරීමට ගූගල් හා මයික්‍රොසොෆ්ට් සමාගම් සැළසුම් කර ඇත. 

lankaegozip news ඇසුරෙනි

අන්තර්ජාලය හරහා අසභ්‍ය දර්ශන සොයාගැනීම වාරණය කිරීමට ගූගල් සැරසෙයි.

Unknown   at  10:57 PM  No comments

Continue Reading→

Sunday, November 17, 2013

අපි දන්නවා ලංකාවේ අයට යුනිකෝඩ් හදුන්වා දීලා ගොඩක් කල් කියලා. එත් යාලුවනේ තවමත් අපේ කට්ටිය දුකසේ සියබස් වෙබ් අඩවියෙන් ගන්න SinhalaTamil Kit1න් Iskoola Potha Font එක විතරක් අමාරුවෙන් හිත හදාගෙන පාවිච්චි කරනවා. මං මේ කියන කතාව දැනටමත් ඔයාල දන්නවත් ඇති, නමුත් ගොඩක් අය මේක තවමත් දන්නේ නැති හින්දයි අපි මේක කියන්නේ
ඉස්කෝල පොත ෆොන්ට් එකට අමතර දැන් තවත් ෆොන්ට්ස් ගොඩක් ඇවිල්ලා. හැබැයි ඉතින් අපි ආස කරන එක එක හැඩයේ ලස්සන අකුරු තාමත් එකක් දෙකක් විතරයි තියෙන්නේ. මේ ඕන එකක් ඒවා තමන් පරිගනක වලට හරිම ලේසියෙන් දාන්න පුලූවන්.

  • මීලගට ඔබට කැමති පරිදි මෙම ෆොන්ට්ස් බාගත ‍කර ගෙන සමාන්‍ය පරිගණකයකටෆොන්ට්ස් ස්ථාපනය කර ගන්නා ආකාරයට ම ස්ථාපනය කර ගන්න.

ලස්සන සිංහල යුනිකේත ‍අකුරු | Download Nice Sinhala Unicode Fonts

Unknown   at  11:02 AM  No comments

අපි දන්නවා ලංකාවේ අයට යුනිකෝඩ් හදුන්වා දීලා ගොඩක් කල් කියලා. එත් යාලුවනේ තවමත් අපේ කට්ටිය දුකසේ සියබස් වෙබ් අඩවියෙන් ගන්න SinhalaTamil Kit1න් Iskoola Potha Font එක විතරක් අමාරුවෙන් හිත හදාගෙන පාවිච්චි කරනවා. මං මේ කියන කතාව දැනටමත් ඔයාල දන්නවත් ඇති, නමුත් ගොඩක් අය මේක තවමත් දන්නේ නැති හින්දයි අපි මේක කියන්නේ
ඉස්කෝල පොත ෆොන්ට් එකට අමතර දැන් තවත් ෆොන්ට්ස් ගොඩක් ඇවිල්ලා. හැබැයි ඉතින් අපි ආස කරන එක එක හැඩයේ ලස්සන අකුරු තාමත් එකක් දෙකක් විතරයි තියෙන්නේ. මේ ඕන එකක් ඒවා තමන් පරිගනක වලට හරිම ලේසියෙන් දාන්න පුලූවන්.

  • මීලගට ඔබට කැමති පරිදි මෙම ෆොන්ට්ස් බාගත ‍කර ගෙන සමාන්‍ය පරිගණකයකටෆොන්ට්ස් ස්ථාපනය කර ගන්නා ආකාරයට ම ස්ථාපනය කර ගන්න.
Continue Reading→

Monday, October 14, 2013

රජයේ ඉඩම් තොරතුරු ප්‍රධාන කණ්ඩායම් 4ට වැදගත් වෙනවා.
  1. ඉඩම් නොමැති ජනයාට රජයේ ඉඩමක් ලබා ගැනීමට
  2. රජය අත්පත් කරගත් ඉඩම් හිමිකරුවන්ට ඒ සඳහා වන්දි ලබා ගැනීමට
  3. රජයේ ඉඩම් කළමනාකරණය කරන නිලධරීන්ට
  4. නව ව්‍යවසාය ආරම්භ කිරීමට බලාපොරොත්තු වන ආයෝජකයින්ට
හුණු වටයේ කථාවේ අසඩක් යුක්තිය ඉටු විය යුතු අයුරු උදාහරණයක් ලෙස කිව්වේ “ගොවි දනන් හට ඉඩම් හිමි විය යුතු සේ” කියලා
ඉඩම් ප්‍රශ්නය උම්මන්ග ජාතකයට ඇතුළත් විය යුතු තරමේ සංකීර්ණ ප්‍රස්තූථයක්.  එය ප්‍රාග්ධනය ලෙස‍ට මූලිකව සැලකෙන්නක් නිසා ආර්ථික හා දේශපාලනමය ලේඛණවල දැක්වෙන්නේ “ඉඩම් හිමි රඳළයන්ගේ පීඩනයට ලක් වූ අඳ ගොවි ජනතාවට එකම පිළිසරණ රජයෙන් ඉඩම් කැබැල්ලක් ලබා ගැනීම” ලෙසටයි.
මෙය තවත් ගැටළුකාරී හා සංකීර්ණ වී ඇත්තේ 13 වන ව්‍යවස්ථා සංශෝධනයෙන් මෙය පළාත් සභාවලට ලබා දී ඇතත් පළාත් සභා ඉඩම් ආයතන ඒ සඳහා මධ්‍යම රජයේ අනුමැතිය අවශ්‍ය වීමෙන් වැඩි ආයතන සංඛ්‍යාවක් මේ සම්බන්ධයෙන් කටයුතු කරන නිසා.
මේ නිසා “ඉඩම් ප්‍රශ්නය” මධ්‍යම රජයේ ඉඩම් අමාත්‍යාංශ, ඉඩම් කොමසාරිස් දෙපාර්තමේන්තුව,ඉඩම් නිරවුල් කිරීමේ දෙපාර්තමේන්තුවමහවැලි අධිකාරිය වගේම පළාත් සභාවේ ඉඩම් අමාත්‍යාංශ, ඉඩම් කොමසාරිස් දෙපාර්තමේන්තුව වගේ රාජ්‍ය ආයතන රාශියක රතු පටියට අහු වුන දෙයක්.
ඉඩම් නැති ජනයාට ඉඩමක් ලබා ගැනීමේ ගැටළුව වගේම රජයේ ඉඩම් පාලනය රජයේ නිලධාරීන්ට ගැටළුවක්.  පවරා දුන් ඉඩම් මොනවාද, බදු දුන් ඉඩම් මොනවාද, අත්පත් කරගත් ඉඩම් මොනවාද, ඉතිරිව ඇති ඉඩම් ප්‍රමාණය කොතෙක් ද, ඉඩම් බදු ලෙස අයවිය යුතු ආදායම කොතෙක්ද කියන කරුණු තියෙන්නේ දූවිලි පිරුණු ලිපි ගොනු තියෙන රාක්කවල. ඉතින් මේ සදාතනික ගැටළුව බස්නාහිර පළාතේ ලිහිල් කරන්න පොටක් පාදා ගන්න කෝකටත් තෛලයක් වන ඉ-රාජ්‍ය මේ ළඟදි පිහිටවුනා. ඒකට ලස්සන නමකුත් තියෙනවා eSlims. වෙබ් අඩවියwww.eslims.gov.lk. මේ පද්ධතිය 2013-01-18 දින උත්සවාකාරයෙන්  දියත් කළා.
ජනාධිපති ලේකම්, ලලිත් වීරතුංග මහතා පද්ධතිය දියත් කළ අවස්ථාව
පද්ධතිය දියත් කිරීමේ අවස්ථාවට සහභාගී වූ බස්නාහිර පළාතේ ප්‍රධාන අමාත්‍ය, ප්‍රසන්න රණතුංග මහතා, ඉක්ටා සභාපති, මහාචාර්ය පී.ඩබ්ලිව්. ඈපාසිංහ මහතා, බස්නාහිර පළාත් ඉඩම් ‍කොමසාරිස්, ඊ.ඒ.ආර්. රේණුකා මහත්මිය
බස්නාහිර පළාතේ මේ දක්වා ලබා දීපු ඉඩම් කට්ටි 80,000කට ආසන්න සංඛ්‍යාවක තොරතුරු ඇතුල් කළා පළමු අදියර යටතේ.  ඒ විතරක් නෙවෙයි ඉඩමක් ඉල්ලලා ඉල්ලුම්පත්‍රය ඉදිරිපත් කරපු ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ඉඳන් ඉඩම් අමාත්‍යාංශ 2ක්, ඉඩම් කොමසාරිස් දෙපාර්තමේන්තු 2ක් ආදිය පසු කර ගෙන ගෙන ඇවිත්  ජනාධිපතිතුමා විසින් ඉඩම ලබා දීම අනුමත කරන ඉම දක්වා කටයුතු පාලනය කරන කාර්ය ප්‍රවාහ පද්ධතයක් (workflow management system) ඒ වගේම ඉල්ලුම්පත්‍රය, පිඹුර ප්‍රදාන පත්‍රය ආදී ලියවිලි රඳවා ගන්න ලේඛණ කළමනාකරණ පද්ධතියක් (document management system) මේකට අයිතියි.  ඒ මගින් රාජ්‍ය නිලධාරීන්ට රජයේ ඉඩම් බැහැර කිරීම (state land alienation) සඳහා සම්පූර්ණ ඉ-රාජ්‍ය පද්ධතියක් ලැබුනා.  ප්‍රස්තූථ ඉඩමක තොරතුරු හොයා ගැනීම දැන් කජු කනවා වගේ වැඩක්. ඒ විතරක් නොවෙයි භූමිතික තොරතුරු පද්ධතියක් (GIS) මෙයට අඩංගුයි. රජයේ ඉඩමකට ඉල්ලීමක් පුරවැසියෙක් ඉල්ලූ ගමන් ඉඩම් නිලධාරීයාට ලබා දීපු Galaxy Tab එක යොදා ගෙන ඉඩමේ මායිම් (cordinates) ලකුණු කරලා ඉඩම භූමිතික සිතියමක පෙන්නන්න පුළුවන්. රජය ලබා දුන් හා ලබා නොදුන් ඉඩම් සියල්ල මේ වගේ ලකුණු කරන්නලු හදන්නේ.  මේකෙ ආරම්භය සටහන් කරපු 2013-01-18 දින ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතා එදින Galaxy Tab 10ක් ප්‍රාදේශීය ලේකම් කාර්යාල 10කට ලබා දුන්නා.  ඉතිරි ප්‍රාදේශීය ලේකම් කාර්යාල 30ට Galaxy Tabs ගන්න බස්නාහිර පළාත් ඉඩම් කොමසාරිස් කාර්යාලයට කටයුතු ආරම්භ කරලා.
බස්නාහිර පළාත් සභා කාර්යාලය සඳහා වෙන් කර ඇති ඉඩම eSlims පද්ධතියේ GIS තාක්‍ෂණය මගින් ලකුණු කර පසු පෙනෙන අයුරු
මේ විසඳුම නිදහස් හා විවෘත මෘදුකාංගයක්. ඒක ලංකා රාජ්‍ය මේඝයේ තමයි ස්ථාපනය කරලා තියෙන්නේ.  ඒ නිසා අනිත් පළාත්වලට මේක භාවිතයට ගන්න එක ඉතාම සුළු දෙයකි.  මධ්‍යම හා උතුරුමැද පළාතෙන් මේ ගැන දැනටමත් ඉල්ලීමක් කරලා.  රජයේ ඉඩම් කළමනාකරණ ගැටළුව නම් විස‍‍ඳෙයි මේකෙන්.
ඒත් පුරවැසියාගේ ඉඩම් ප්‍රශ්නය?
ඉඩම් ඉල්ලපු පුරවැසියන්ටත් පොඩි සහනයක් තියෙනවා මෙකෙන්.  තොරතුරු තාක්‍ෂණ සාත්තරේ දන්න පුංචි සිඤ්ඤොලාට පුළුවන් www.eslims.gov.lk අඩවියට ගිහිල්ලා තමන්ගේ ඉඩම් ඉල්ලුම්පත්තර කඩදාසියට මොකද වුනේ කියලා බලන්න.
ඒ වගේම දීපු තීරණ වැරදි බව හිතනවා නම් එතැනින්ම පැමිණිල්ලක් දාන්නත් පුළුවන්.
මේක ශ්‍රී ලංකාවේ භූමිතික සිතියම් ‍තොරතුරු යොදාගෙන පුරවැසි සේවා දෙන පළමු වෙබ් විසඳුම. ඒ වගේම මේක රාජ්‍ය ආයතන 7ක් එකතු වෙලා ඔවුන්ගේ ක්‍රියාවලි අන්තර්ග්‍රහනය (integrate) කරලා හදපු සම්බන්ධිත රාජ්‍ය විසඳුමක්.  ඒ කියන්නේ පුංචි සිඤ්ඤො රාජ්‍ය ආයතන ගානේ යවන්නේ නැතිව එකම තැනකින් මේ සේවාව බලා ගන්න පුළුවන් විසඳුමක් මේකෙන් ලැබෙනවා.  මේ තොරතුරු කෙටි පණිවුඩ මගින් රාජ්‍ය තොරතුරු කේන්‍ද්‍රය – 1919 ට කථා කරලා තමන්ගේ ඉඩම් ඉල්ලුම්පත්‍රයේ තොරතුරු බලා ගන්නත් පුළුවන්.
මේ විසඳුමේ දෙවන අදියරෙන් බදු එකතු කිරීම කළමනාකරණයට කටයුතු සලසාවි.
ඒ අනුව මේ විසඳුම රාජ්‍ය අංශයේ කාර්යක්‍ෂමතාව ඉහළ නංවන හා පුරවැසි මිත්‍රශීලී (කේන්‍ද්‍රීය) ඉතා හොඳ ඉ-රාජ්‍ය විසඳුමක් වේවි. හැබැයි රජයේ ඉඩම් භාරව කටයුතු කරන ආයතන කොපමණ කැප වීමකින් මෙය භාවිතා කරනවාද දියුණු කරනවාද යන කරුණ මත තමයි ඒ සියල්ල රඳා පවතින්නේ.
රාජ්ය තොරතුරු කේන්ද්‍රය ඇසුරිනි.

රජයේ ඉඩම් තොරතුරු පිලිබද විස්තර දැන් අන්තර්ජාලයෙන්

Unknown   at  8:39 PM  2 comments

Sunday, September 16, 2012

    මහවැලි ජලාශයන්හි ජල මට්ටම පිළිබද තොරතුරු කෙටි පණිවිඩ (SMS) මගින් ජංගම දුරකතනයට ලබා දීම පිළිබදව ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායතනයේ (ICTA) අවධානය යොමු වී තිබේ.

විශේෂයෙන්ම මෙමගින් ගොවි ප්‍රජාවට සිය කෘෂිකාර්මික කටයුතු විධිමත්ව සැලසුම් කර ගැනීම සදහා විශාල පහසුවක් වනු ඇතැයි නියෝජිතායතනය පවසයි.

ජලාශයන්හි ජල මට්ටම 40% දක්වා අඩු වු විටදී සහ ජල මට්ටම 90%-95% අතරට පැමිණි විටදී මෙසේ කෙටි පණිවිඩ මගින් ගොවි ජනතාව දැනුවත් කිරීමට සැලසුම් කර තිබේ.
ජලාශයන්හි ජල මට්ටම ඉහළ ගිය අවස්ථාවන්හි එම ජලාශ ප්‍රදේශ අවට ජීවත්වන ජනතාවගේ ජීවිත සහ දේපළ සුරක්ෂිත කර ගැනීම සඳහාද මෙය වැදගත් වනු ඇතැයිද නියෝජිතායතනය පවසයි.
රාජ්‍ය තොරතුරු කේන්ද්‍රය (1919) ඔස‍්සේද මෙම සේවාව ලබා දීමට අපේක්‍ෂා කරන බවද නියෝජිතායතනය සඳහන් කරයි.

මූලශ්‍රය: sannasa.lk

SMS වලින් මහවලියෙ ජලය එනවද?

SLICTcafe Technical Team   at  1:37 AM  No comments

Friday, August 24, 2012

එක්සත් ජාතීන්ගේ  ආර්ථික හා සාමාඡීය කොමිසමේ (UN ESCAP) තොරතුරු තාක්‍ෂණ කමිටුවේ   සභාපතිත්වය යළිත් වරක් ශ්‍රී ලංකාවට හිම් වී ඇති අතර ඒ අනුව   ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතාට තවත් වරක් ජගත් ආර්ථික හා සාමාඡීය කොමිසමේ තොරතුරු තාක්‍ෂණ කමිටුවේ සභාපති ධුරය දරණ ලෙසට සියළු‍‍‍ම රටවල් ඒකඡන්දයෙන් යෝජනාවක් සම්මත කර ගෙන ඇත.
දකුණු කොරියාව, ඉන්දියාව, මැලේසියාව, ඔස්ටේලියාව ආදී තොරතුරු හා  සන්නිවේදන ක්ෂේත්‍රයේ ඉදිරියෙන් සිටින රටවල් රැසක සහභාගිත්වයෙන් තායිලන්තයේ බැංකොක් නුවරදී මෙම කමිටු රැස්වීම පසුගියදා පැවැත්විණි.
‘ඉ- ශ්‍රී ලංකා’ වැඩපිළිවෙල ඔස්සේ  මෙරට තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණය අර්ථවත් ලෙස ක්ෂේත්‍ර ගණනාවක ව්‍යාප්ත කිරීමට හැකිවීමත් අන්තර්ජාතික වශයෙන් ඒවා ඇගැයීමට ලක්වීමත් මෙම ධුරය ශ්‍රී ලංකාවට හිමිවීමට ප්‍රධාන හේතුවක් වු බව ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායතනයේ (ICTA) ප්‍රධාන විධායක නිලධාරී රෙෂාන් දේවපුර මහතා පවසයි. එමෙන්ම තොරතුරු තාක්ෂණ ක්‍ෂේත්‍රයේ ලබා ගත් ප්‍රගතිය අඛන්ඩ ලෙස පවත්වා ගෙන යෑමට රජය සමත්වීම තව දුරටත් මෙවැනි සුවිශේෂ තනතුරක් ශ්‍රී ලංකාවට හිමිවීමට හේතු වු බව ඔහු සදහන් කරයි.

UN ESCAP කමිටුවේ සභාපතිත්වය

SLICTcafe Technical Team   at  9:44 PM  No comments

Custom Search
Follow4Follow - Follow 4 Follow The Best Social Media Exchange Website

Modern Techno ways

Discussion

Latest TECH

වර්තමානයේ සිංහල අන්තර්ජාල කලාවේ තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයෙන් දැනුම ගවේෂණයේ දී අනිවාර්යෙන්ම ඔබට පුළුල් පරාසයක විහි දූ විධිමත් තොරතුරු සමුදායක් දක්නට නොලබනු ඇත. ඉතින් එවන් තාක්ෂණික දැනුම් පිපාසිතයන් සදහාම අපි විසින් නිමැවූ SL ICTcafe ඔබට කදිම සන්ධිස්ථානයක් වේවි. සමුර්ධිමත් හා තාක්ෂණයෙන් සපිරි නව ශ්‍රී ලංකාවකට අපිත් දායක වෙමු....

පරිශීලක ගණන

දැන් වේලාව

IP Address Checker

© 2013 SL ICTcafe. WP Theme-junkie converted by ..-~*S|N*~-..
SL ICTcafe Bet365. Proudly Powered by Blogger.