About S&N



මගේ නම නලින් දිල්රුක්ෂ.විශේෂයෙන්ම කියන්න ඕන මේක ලියන්නේ මම විතරක් නෙවෙයි කියල.මොකද මේක කිව්වේ නැත්තන් අපේ සුපුන් මලයා තරහ වෙනවා .අපි දෙන්නා A/L කරනවා .ඉතින් එතකොට තමයි අපේ සුපුන් මලයට මේ අදහස පහත් උනේ .මගෙත් පොඩි කැමැත්තක් තිබ්බ කලින් ඉඳලම බ්ලොග් එකක් ලියන්න ඕන කියලා.තනියෙන් බ්ලොග් ලියනවා කියන්නේ වහ කන වැඩක්.අපේ සුපුන් මලයත් වැඩේට සෙට් උන නිසා වැඩේ පටන් ගත්තා.අපි දෙන්නා I.C.T පිස්සෝ.ඉතින් අපි දන්නා දේ ඔයාලට පුළුවන් විදිහට කියලා දෙන්නම් .පොඩි පොඩි වැරදි උනොත් ගණන් ගන්න එපා ."මචන් මෙතන අවුල්" කියලා comment එකක් දාල යන්න.මම හිතනවා ඔයාල අපිත් එක්ක දිගටම ඉඳීවි කියලා.එහෙනම් ඔයාලට ජය ශ්‍රී ...!





මම තමයි සුපුන් මලයා, අපේ නලින්  අය්යන්ඩි   කිව්වා වගේම අපි මේ blog කලාවට අතගැහුවේ  ආසාවට විතරක්ම  නොවේ. අපි ICT ගැන මොනයම් හෝ දෙයක් නෙට් එකේ
ඒ කිව්වේ අන්තර්ජාලයේ හොයන කොට ඒ අවශ්‍ය දේ  හොයාගන්න විශේෂයෙන් පාසල්  යන  අයට
ඒක ටිකක්  අමාරු වෙනවා. ඉතින්  මේ විදිහට මේ ප්‍රශ්නෙට උත්තරේ   අපෙන්ම
 දෙන්න හැදුවේ ඒ නිසයි. හැබැයි  අපි දන්සලෙන් අරන් දන්සලටම දෙනවා වගේ වැඩක් නම්  කරන්නේ නෑ.  කොහොමහරි ඔයාලා අපේ බ්ලොග් එකෙන් වැඩක්  ගන්න කොට ඔයාලගේම පපුකනෙත්තට විවිධාකාර අදහස්උදහස්, යෝජනා, චෝදනා මේ හැම  දෙයක්ම ගලා  ඒවි.  ඉතින්  ඒවා  දිහා  හූල්ල හූල්ල බලා ඉන්නේ නැතිව  පිටකරන්න  පුංචිම පුංචි Comment ක් දෙන්න. එච්චරයි...



එසේනම් සැරදේවා SL ICT ලෝකය!


0 comments:

මේ ගැන ඔබට හිතෙන ඕනෑම අදහසක් උදහසක් පහලින් සදහන් කරන්න.

Custom Search
Follow4Follow - Follow 4 Follow The Best Social Media Exchange Website

Modern Techno ways

වර්තමානයේ සිංහල අන්තර්ජාල කලාවේ තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයෙන් දැනුම ගවේෂණයේ දී අනිවාර්යෙන්ම ඔබට පුළුල් පරාසයක විහි දූ විධිමත් තොරතුරු සමුදායක් දක්නට නොලබනු ඇත. ඉතින් එවන් තාක්ෂණික දැනුම් පිපාසිතයන් සදහාම අපි විසින් නිමැවූ SL ICTcafe ඔබට කදිම සන්ධිස්ථානයක් වේවි. සමුර්ධිමත් හා තාක්ෂණයෙන් සපිරි නව ශ්‍රී ලංකාවකට අපිත් දායක වෙමු....

පරිශීලක ගණන

දැන් වේලාව

IP Address Checker

© 2013 SL ICTcafe. WP Theme-junkie converted by ..-~*S|N*~-..
SL ICTcafe Bet365. Proudly Powered by Blogger.