
දකුණු කොරියාව, ඉන්දියාව, මැලේසියාව,
ඔස්ටේලියාව ආදී තොරතුරු හා සන්නිවේදන ක්ෂේත්‍රයේ ඉදිරියෙන් සිටින රටවල්
රැසක සහභාගිත්වයෙන් තායිලන්තයේ බැංකොක් නුවරදී මෙම කමිටු රැස්වීම පසුගියදා
පැවැත්විණි.
‘ඉ- ශ්‍රී ලංකා’ වැඩපිළිවෙල ඔස්සේ මෙරට
තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණය අර්ථවත් ලෙස ක්ෂේත්‍ර ගණනාවක ව්‍යාප්ත
කිරීමට හැකිවීමත් අන්තර්ජාතික වශයෙන් ඒවා ඇගැයීමට ලක්වීමත් මෙම ධුරය ශ්‍රී
ලංකාවට හිමිවීමට ප්‍රධාන හේතුවක් වු බව ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන
තාක්‍ෂණ නියෝජිතායතනයේ (ICTA) ප්‍රධාන විධායක නිලධාරී රෙෂාන් දේවපුර මහතා
පවසයි. එමෙන්ම තොරතුරු තාක්ෂණ ක්‍ෂේත්‍රයේ ලබා ගත් ප්‍රගතිය අඛන්ඩ ලෙස
පවත්වා ගෙන යෑමට රජය සමත්වීම තව දුරටත් මෙවැනි සුවිශේෂ තනතුරක් ශ්‍රී
ලංකාවට හිමිවීමට හේතු වු බව ඔහු සදහන් කරයි.
0 comments:
මේ ගැන ඔබට හිතෙන ඕනෑම අදහසක් උදහසක් පහලින් සදහන් කරන්න.