All Stories

Tuesday, September 10, 2013

eMoney GURU
මේ දවස් වල පුවත්පත්, සගරා වල ඔබත් සිත්ගන්නා සුළු දැන්වීම් දැක ඇති. අන්තර්ජාලය භාවිතා කර නොමිලේ මුදල් සොයන ක්‍රම යන්නෙන් ටික කලක ඉදන් තමයි, අපෙ රටෙත් Internet ගුරුලා බිහි වෙන්න පටන් ගෙන තියෙන්නේ. සමහර විට ඔබත් මේ Internet ගුරු යන වචනයට ආගන්තුක ඇති, පොඩ්ඩක් තේරුම් කළොත් “අන්තර්ජාලයෙන් මුදල් සොයන ක්‍රම ඉගැන්වීමට විවිධ කෘති, CD, Software අලෙවි කරන්නන්” (හැබැයි ඔවුන්ගෙ ප්‍රධාන ආදායම නම් මේ දේවල් අලෙවි කිරීමෙන් ලැබෙන දේ තමා :D ), මෙවැනි පුද්ගලයන් විශාල ප්‍රමාණයක් අද වන විටත් විවිධ රටවල සිටිනවා. Joel Comm(Adsense Secret), Rich Jerk, Even Chia වැන්නවුන් මීට වසර කීපයකට පෙර මෙම ජාවාරම ගජරාමෙට කරගෙන සිටියා. මුලදි $197, 97, 47වැනි අධික මිල ගණන් වලට තිබූ පොත් මේ වන විට $9,7 වැනි පහල අගයකට වැටී තියෙනවා. මෙයට ප්‍රධානම හේතුව නම් Digitalpoint වැනි Forums වල සිටින සාමාජිකයන් විසින් දිගින් දිගටම එල්ල කරන ලද විවේචනාත්මක ලිපි සහ ඔවුන්ගේ එකමුතුවයි. කතාවක් තියෙනවනේ බොරුවට වැඩි ආයුශ නැහැ කියලා.

අනෙකුත් රටවල නම් තත්වය එසේයි, නමුත් අප රටේ? අප රටේ එක්තරා සගරාවක් පරිශීලනය කරද්දි දැකපු දැන්වීම් ටිකක් මමත් ඔය නිකමෙට කියවලා බැලුවා. එකක තිබුනා Google සමාගමේ part Time Job එකක් කරන එකක් ගැන, අනෙක් දැන්වීමක අසීමිතව මුදල් සොයන්න එම දැන්වීමේ තිබෙන වෙබ් අඩවිය දිනපතා පරිශීලනය කරන්න කියලා සදහන් කරලා තිබුනා, බැලින්නම් එම වෙබ් අඩවිය පුරාවට තිබ්බෙ Google Adsense දැන්වීමක් සහ වචන 20ක් පමණ. අඩුම තරමෙ එම වෙබ් අඩවියට වෙන කිසිදු පිටුවක් වත් එකතු කර නැහැ. ඉතින් ඔහුගේ ප්‍රධානම අරමුණ ඉතින් වෙන දෙයක් නෙවෙයිනේ, හැකි තරම් Ads මත Clicks ලබා ගැනීමනේ.
Bux.to welcome screen
මෙම දැන්වීම් සෑම එකකම පාහේ ප්‍රධාන මාතෘකාව Google Adsense, හැබැයි බොහො දෙනෙක් මේ බව කෙලින්ම සදහන් කරන්නේ නැහැ. තවත් අය සදහන් කරන්නේ වෙබ් අඩවි වල දැන්වීම් නරඹා මුදල හොයන හැටි, ඒ(Survey, Bux) ගැන නම් කතා කරලා වැඩක් නැහැනේ. මුල් අවධියෙදි ගොඩක් නවකයන් මුලා වෙන තැනක් තමා Bux.to වගේ දේවල්. නම් අන්තර්ජාලයෙන් සිගමන් යැදීමක් වැනියි. 

Google PageRank & Alexa
ඔබත් මෙවැනි දැන්වීමක් දකින විට එහ වෙබ් අඩවියක ලිපිනයක් සදහන් කර ඇත්නම් නිකමට පිවිසෙන්න. බොහො වෙබ් අඩවි වලට Google PageRank එකක් නැති තරම්, Alexa rank එක ගැන සැලකුවොත් එම අඩවි වලට පිවිසෙන්නන්ගේ(Unique Visitors, daily Traffic) ගණන හොදින් තේරුම් ගන්න පුළුවන්. ඇත්තටම මට අවශ්ය වුනේ කාටවත් මඩ ප්‍රහාරයක් එල්ල කරන්න නොවේ, සත් ක්‍රියාවක් ලෙස මොකුත්ම නොදන්නා නවකයන්ට මෙවැනි පාඨමාලා මෙහෙයවන්නන් අප රටේ සිටිනු ඇත. නමුත් අපට මේ ගැන කතිකාවතක් අනිවාර්යයෙන් තිබිය යුතුය, නැත්නම් වෙන්නෙ තවත් සක්විතිලා අප රටේ බිහි වීමය.

sinhalablog බ්ලොග් අඩවිය ඇසුරිනි.
Page Rank

අහුවෙන්ඩ නම් එපා... ඒ කාලේ FAKE INTERNET ගුරුන්නාන්සේලා හැමතැනම

Unknown   at  10:47 PM  1 comment

Continue Reading→

1 comments:

මේ ගැන ඔබට හිතෙන ඕනෑම අදහසක් උදහසක් පහලින් සදහන් කරන්න.

Saturday, September 7, 2013

සාමාන්‍යයෙන් ජාල ගත පරිගණක එකිනෙක හුවමාරු කරගන්නේ ඒවායේ දත්ත පමණක් වුවද මෙම තාක්ෂනයේදී එක් එක් පරිගණක වල සම්පත්ද(Resources)එකිනෙකා අතර හුවමාරු කෙරෙනවා. 

කුමක් සදහාද? 
අති විශාල ගණනය කිරීම් වඩාත් ඉක්මනින් හා කාර්‍ය්ක්ෂමව කර ගැනීම උදෙසා. 

භාවිතා කැරෙන අංශ මොනවාද? 
මෙය විවිධාකාර අංශ වල භාවිතා වූවද ප්‍රධාන අංශ 3 ක් යටතේ වර්ගීකරණය කළ හැකියි. 
-Enterprise Grids(ව්‍යාපාර ආයතන වල භාවිතා කරන ජාල) -Public Resource Grids (ස්වේච්චා පුද්ගලයින් ගේ දායකත්වයෙන් ලත් පුද්ගල පරිගණක වලින් සැදුම් ලත් ජාල) -Scientific Grids (විද්‍යාත්මක කටයුතු සදහා භාවිතා කරන ජාල) 

Grid එකක් වැඩ කරන්නේ කොහොමද? 

මේ සදහා පරිගණක වලට අමතරව විශේෂ මෘදුකාංගද අවශ්‍ය වෙනවා.මෙයින් ප්‍රධානම මෘදුකාංගය වනුයේ එක් එක් පරිගණක අතර අතරමැදියෙකු ලෙස ක්‍රියාකරන මෘදුකාංගයයි(මෙය middleware ලෙස හදුන්වනවා) 
මෙම මෘදුකාංගය මගින් ගණනයට අවශ්‍ය දත්ත හා ඒ සදහා අවශ්‍ය සම්පත් ප්‍රමාණය සොයාගනු ලබනවා.එපමණක් නොව මෙමගින් එම දත්ත වල ආරක්ෂාව ,පිරික්සුම ආදී අනෙකුත් කරුණු වලටද දායකත්වය සපයනු ලබනවා 
එක් එක් පරිගණක මගින් ගණනය කරන තොරතුරු ඇසුරෙන් අවසාන ප්‍රතිපලය සැකසෙනවා. 

ප්‍රචලිත උදාහරණ මොනවාද? 

-මේ වන විට ප්‍රමුඛතම වෙබ් සෙවුම වන Google භාවිතා කරනුයේ ඉහත තාක්ෂණයයි 
-LHC(Large Hedron Collider) ලොව විශාලතම අංශු ඝට්ටකය ඇසුරෙන් ‍කෙරෙන ගණනය කීරීම් වලට මෙම තාක්ෂණය යොදා ගනු ලබනවා 
-මීට අමතරව විවිධ රෝග සදහා ‍‍ප්‍රතිකාර ( AIDS,SARS) සොයාගැනීමට 
-නිනිති තාක්ෂණික(Nano Technology) කටයුතු සදහා

මෙම ලිපිය කාලින්ග ගුනවර්ධනගෙ වළාකුල    ඇසුරිනි.

Grid Computing කියන්නෙ මොකද්ද?

Unknown   at  12:20 AM  No comments

0 comments:

මේ ගැන ඔබට හිතෙන ඕනෑම අදහසක් උදහසක් පහලින් සදහන් කරන්න.

Friday, September 6, 2013

මෙම ලිපිය ලියන්න ගොඩක්ම හේතු වුනේ ගොඩක් කට්ටිය තමන්ගේ ජංගම දුරකථන වල බැටරිය පවත්වා ගන්න අයුරු නිසි ලෙස නොදැන සිටීමයි.අනිත් කාරණය තමයි ගොඩක් දෙනා අතර තියෙන මිථ්‍යා මත මේ බැටරි භාවිතය සම්බන්ධයෙන්….

සාමාන්‍යෙයන් ජංගම විද්‍යුත් උපකරණ වල බහුලව යොදාගන්නේ NiCad එහෙමත් නැත්නම් “නිකල් කැඩ්මියම්“ හෝ Li-ion “ලිතියම් අයන්“ කියන බැටරි විශේෂ දෙක (මෙයිනුත් NiCad දැන් අලුත් උපකරණ වල ඉතා අවම මට්ටමින් භාවිතා වෙනවා).
දැන් බලමු මොනාද මේ NiCad හා Li-ion කියන ඒවගේ වෙනස කියලා

Nickel Cadmium බැටරි

1899 දී Waldmar Jungner කියන Sweden ජාතික ඉංජිනේරුවා විසින් මෙම බැටරි සංකල්පය සොයාගන්නා ලදී. ඒ කාලේ තිබ්බ Lead Acid බැටරි වලට හොද ආදේශකයක් ලෙස මෙය එකල භාවිතා නොවුනේ මේ සදහා යන වියදම අධික වූ බැවින්. 1932 දී මේ සම්බන්ධව සැලකිය යුතු මට්ටමේ දියුණු වීමක් සිදු උනද බැටරිය නැවත ආරෝපණය කිරීමේ දී පිටවන වායූන් අවශොෂනය කරන ක්‍රමය සොයාගැනුනේ 1947 දී . දැන් ඔබ වෙළද පොලේ දකින මුද්‍රා සහිත Ni Cad බැටරිය එම පර්යේෂන වල ප්‍රතිඵලයක්.

නිකල් කැඩ්මියම් බැටරි වලට වැඩිය කරුණු දක්වන්නේ නැතුව මෙම විශේෂයේ වාසි හා අවාසි සැකෙවින් පහත දක්වන්නම්….

වාසි
  1. සරළ ක්‍රමයක් භාවිතයෙන් ආරෝපණය කිරීමේ හැකියාව.
  2. ඉතා වැඩි ආරෝපණ ප්‍රමාණයක් සදහා ඔරොත්තු දීම(නියමිත ලෙස බැටරිය නඩත්තු කරන්නේ නම් 1000 වාරයක් පමණ)
  3. බැටරිය විසර්ජිත අවස්ථාවෙන් ගබඩා කල හැකි වීම.
  4. අඩු උෂ්නත්ව පරිසරයන්හිදී අනෙක් වර්ග වලට වඩා හොදින් ක්‍රියාත්මක වීම.
  5. දැරිය හැකි මට්ටමක මිලක් පැවතීම.
             අවාසි
  1. සාපේක්ෂව අඩු බලයක් අඩංගු වීම.
  2. බැටරියේ මතක මට්ටම් සටහන් වීම( Memory Effect – බැටරිය සම්පූර්ණයෙන්ම විසර්ජනය කිරිමේ අවශ්‍යතාව. එසේ නොවුණහොත් බැටරිය අවම මට්ටම වෙනුවට ඊට ඉහලින් ඇති මට්ටමක් අවම මට්ටම ලෙස බැටරිය සලකනු ලබනවා. එවිට බැටරියේ ජීව කාලය අඩු වෙනවා)
  3. පරිසර දූෂිත කොටස් අඩංගු වීම( කැඩ්මියම් විෂ සහිත මූල ද්‍රව්‍යයකි)
  4. ඉබේ විසර්ජනය වීමේ හැකියාව ඉතා අධිකය
265px-Nicd_disassembled
                                                      Ni Cad බැටරියක ඇතුල් කොටස් (මූලාශ්‍ර – Wikipedia)

මෙහි සදහන් Memory Effect ගැන වැඩිදුර කරුණු අවශ්‍ය අයට පහත සබැදියෙන් ඒ පිළිබදව තව දුරටත් අධ්‍යයනය කල හැක.

සටහන-මීට අමතරව NiMH (Nickel Metal Hydride ) කියන බැටරි වර්ගයක් තියෙනව ගොඩක් පෝටබල් Device වල භාවිතා වන ඒ කරුණු අවශ්‍ය අය මේ සබැදියෙන් අධ්‍යයනය කරන්න.

Li-ion බැටරි

මේ බැටරි වර්ගය ගැන මම ටිකක් වැඩි පුර විස්තර කරනවා මොකද මේ වර්ගය මේ වන විට බහුලව ම භාවිතා වෙන බැටරි වර්ගයක් වෙන හින්දා.

1970 ගණන් වල M.Stanley Whittingham කියන රසායන විද්‍යාඥයා මේ සම්බන්ධ කරුණු මුල් වරට ලෝකයට ‍හෙළි කරනු ලබනවා.(අදටත් එතුමා Binghamton University. සරසවියේ මහාචාර්යවරයෙක් ලෙස සේවය කරනවා)

Li ion බැටරිය වැඩ කරන විදිහ සරල විදිහට කිව්වොත් බැටරිය විසර්ජනය වන විට Lithium අයන ඍණ ඉලෙක්‍ටේ‍ර්ඩයේ සිට ධණ ඉලෙක්‍ෙට්‍රා්ඩය වෙත ගමන් කරනවා.

lithium-ion-battery-5

                                                Li –ion බැටරියක හරස්කඩ(මූලාශ්‍ර – HowstuffWorks)

බැටරියේ අයන ගමන් කරන විදිහ (විසර්ජනයේදී හා ආරෝපණයේදි ) පහත රූප සටහන් වලින් පැහැදිලි වෙයි කියල හිතනවා.

lithium-ion-battery-6

lithium-ion-battery-4

ඉහත රූප සටහන් වල පෙනෙන ආකාරයට Li – ion බැටරියක් විසර්ජනය හා ආරෝපණය සිදු  වෙනවා. මෙහිදී මතක තියා ගත යුතු කරුණක් තමයි අනෙත් වර්ග වලට වඩා මෙහි එක් Cell එකක ඉහළ වෝල්ටීයතාවයක් රැදී තිබීම. අනෙත් කාරණය OverCharging වලට මෙම බැටරි කිසි සේත්ම ඔරොත්තු දෙන්නේ නෑ . එයින් වැළකීම සදහා විශේෂ පිළිවෙත් මෙහි අඩංගු වෙනවා.

ගොඩක් Li –ion බැටරි වල එක් Cell එකක 4.20 V වෝල්ටීයතාවයක් අඩංගු වෙනවා.

පහත සටහනින් මෙහි ආරෝපණ ක්‍රියාවලිය ගැන තව දුරටත් අවබෝධයක් ගත හැකියි.

ion1

සමාන්‍යයෙන් බැටරියක් සම්පුරණයෙන්ම ආරෝපණය වීමට පැය 3-4 කාලයක් ගන්නවා. නමුත් බැටරිය සම්පූර්යෙන්ම ආරෝපණය කිරීම අත්‍යවශ්‍ය වන්නේ නැහැ. මන්ද ඉහත සදහන් කල පරිදි ඉහල වෝල්ටීයතාවයන් බැටරියේ ආයු කාලය අඩු කිරීමට බලපාන බැවින්, නමුත් මෙහි ඇති අනෙත් ප්‍රශ්නය වන්නේ බැටරිය  යොදා ඇති උපකරණයේ ධාවන කාලය(Run Time) අවම වීමයි.

ඉහත සටහනේ දක්වන ලද ආකාරයට පළමු අදියර (Stage 1 ) ට වඩා සැලකිය යුතු මට්ටමේ කාලයක් Stage 2 එනම් බැටරිය සංතෘප්ත වීමට ගත වෙනවා ( මේ නිසා තමයි ජංගම දුරකථන බැටරියක අවම මට්ටමේ සිට සැලකිය යුතු මට්ටමක් දක්වා ඉතා ඉක්මනින් ආරෝපණය වෙන්නේත් Full Charge වීමට ඊට වඩා වැඩි කාලයක් ගත වෙන්නේත් )

මේ සටහනින් තවත් ඔය කතාව පැහිදිලි කර ගන්න පුලුවන්.

ion2

ජංගම දුරකථන බැටරියක් නම් සම විටම එය Power Off කර ආරෝපණය කරන තරමට බැටරියේ ආයු කාලය රැකෙනවා. එයට ‍හේතුව ආරෝපණ චක්‍රය විකෘති වීම වලක්වා ගැනීමයි(Parasitic Load)

කිසිම විටෙක Li-ion බැටරි සම්පූර්ණයෙන් විසර්ජනය වීමට ඉඩ හරින්න එපා (මේ සදහා Built in උපාංග බැටරි තුල මේ වන විට අඩංගු වෙනවා) මෙයට එක් හේතුවක් ලෙස දැක්විය හැක්කේ බැටරි‍ෙය් ඇති Cell අස්ථායි වීමයි අලුතින් නිපදවූ බැටරි පවා නිෂ්පාදකයා එවන්නේ 40% පමණ ආරෝපණයෙන් පසුව වන්නේ ඒ නිසයි.

දේහලීය අගය(Threshold Value)
Li Ion බැටරි වල දේහලීය අගයන් දෙකක් අඩංගු වෙනවා.  උදාහරණයක් විදිහට කිව්වොත් බැටරිය 100% නම් එයින් ආරෝපණය වන්නේ 90% විතරයි.(මේ Over charge වීම වලක්වා ලීමට සෑදූ උපක්‍රමයකි) ඒ වගේම Discharge වෙන කොට 10% වෙනකොට බැටරිය ක්‍රියා විරහිත වෙනවා . ඉතුරු 10% වැඩ කරන්නේ දුරකථන වල ඔරලෝසුව ආදී දේ ට බලය සැපයීමට හා සම්පූර්ණයෙන්ම Discharge වී බැටරිය අකරමන්‍ය වීම වැලකීමට.

නිතර ආරෝපණය(Subsequent Charging)
Li –ion බැටරියක් ආරෝපණයේදී පෙර සදහන් කල පරිදි සැම විටම 70 % මට්ටමේ වත් බැටරියේ ආරෝපණ මට්ටම පවත්වා ගැනීම සුදුසු වෙනවා (100 % පවත්වා ගැනීම බැටරියේ ආයු කාලය අඩු කරනු ලබනවා මෙන්ම Cell වලට හානි වීමේ සම්භාවිතාව ඉහල දමනු ලබනවා)
දිගින් දිගට මෙසේ අරෝපණයේදී බැටරියේ සත්‍ය මට්ටම වෙනස් විය හැකි බැවින් දින 20 කට සැරයක් බැටරිය 0% – 100% තෙක් ආරෝපණය කිරීම සුදුසු වනවා.

ගබඩා කිරීම(Storage)
ඔබ බැටරිය භාවිතා කරන්නේ නැත්නම් බැටරිය ගලවා සිසිල් වියලි තැනක අසුරා තබන්න. 40% – 50 % අතර ආරෝපණ මට්ටම තබන්න. දින 40% කට වරක් නැවත එලෙස ආරෝපණය කරන්න.

සාරාංශය
  • බැටරිය Overcharge නොකරන්න.
  • බැටරිය සම්පූර්ණයෙන් විසර්ජනය කිරීමට ඉඩ හරින්න එපා
  • හැකි සෑම විටම බැටරියේ ආරෝපණ මට්ටම 70% මට්ටමේ තබා ගන්න.
  • අනුමත ආරෝපක(Chargers ) පමණක් භාවිතා කරන්න.

මෙම ලිපිය කාලින්ග ගුනවර්ධනගෙ වළාකුල    ඇසුරිනි.

මිථ්‍යා මත නොමැති ජංගම දුරකථන බැටරි

Unknown   at  11:52 PM  No comments

ඔන්න ඉතින් 3D කලාව ගැන 2012 නොවැම්බර් 24 වෙනිදා පෝස්ට් එකක් දැම්මට පස්සෙ ඉස් ඉස්සෙල්ලාම පෝස්ට් එකක් දැම්මෙ අද තමයි. මේකයි කාරණාව.... මායි (ඒ කිව්වෙ මම සුපුන් හරිද ) මගෙ යාලුවා නලිනුයි මෙ අවුරුද්දෙ උසස් පෙල විභාගෙට වාඩි වුනා. ඔයාල දන්නවනෙ ඔය විභාගෙ කෙල වුනොත් ඔක්කොම හබක් කියලා. දැන් ඔන්න අපි ගෙදරටම කියලා එක් තැන් වුනා. ඒ කියන්නෙ ඉතින් බ්ලොග් එක ගොඩ දාන්න කාලෙ හරි කියන එකනේ....... 
ඔයාලට කියන්න තියන ප්‍රධාන කාරණාව, අපි බ්ලොග් එකේ ආපහු වැඩ පටන් ගන්නව කියන එකම නෙවෙයි. අපි මේ බ්ලොග් එක තව දුරටත් සන්වර්ධනය කරනවා ටිකාක් බරටම වගෙ. දන්නවනෙ බ්ලොග් වලින් එච්චර මහා පරිමාණයෙ වැඩ කරන්න අමාරු බව. 
අපි බලාපොරොත්තු වුනේ මෙන්න මේ වගේ දෙයක්... දැනට හැල්මෙ දිව්ව බ්ලොග් එක තාක්ෂණික අන්ශයේ විවිධ තොරතුරු පුළුල් ක්ෂේත්‍රයක් ඔස්සේ ක්‍රියාත්මක කරන්න. එතකොට අපිට හම්බ වෙනව ඉස්කොලේ තියන විෂයන් සෙට් එක, ඔය එක එක පාඨමාලා වලට අදාල විෂය කරුණු, නවතම තාක්ෂණික පුවත්, මෘදුකාන්ග දුර්ඩාන්ග හා අන්තර්ජාලය ඇතුලු විවිධ මාතෘකා වල ඉගැන්වීම් කටයුතු එවගේම ඒවායෙ නවතම තොරතුරු අපි බ්ලොග් එකට එකතු කරන්නයි බලාපොරොත්තු වෙන්නෙ. අපි පුලුවන් වුනොත් මෙකෙන් භාන්ඩ විකුනන්ඩත් හිතන් ඉන්නවා. 
හැබැයි මේව කියද්දි ඔයාලා හිතයි මුන්ට ගන් 7කට පිස්සු කියලා. හැම දේම ඒ විදියටම කරන්න අමාරුයි තමයි. නමුත් මොනා නැතත් අපි හොද බ්ලොග් අඩවියක් හදනවා කියන එක නම් ෂුවර් එකටම කියන්න පුලුවන්. ඉස්සරහට වැඩ නම් තියෙයි මොනා නැතත් ඔයාල දිගටම අපිත් එක්ක හිටියොත් මට ඒ ඇති. එහෙනම් මම පබ්ලිශ් බටන් එක ක්ලික් කරනවෝ........... 
ආහ්....... අන්තිම සැරේට කියන්ඩ ඕන මේ වචන ටික දැකල හිනා වෙන්න නම් එපා. මගෙ PC එකෙ යුනිකෝඩ් අවුලක්. එක හින්දම මම යූසීඑස්සී පරිවර්තකය පාවිච්ච් කලා. එකේ "පර්තිඵලෙ" ඔයාලට අමුතුවෙන් කියන්න ඕනි නැනේ..............හ්................

SLICTcafe යළිත් කරලියට කැදවා ගෙන එනු වගයි......

SLICTcafe Technical Team   at  8:29 PM  No comments

Custom Search
Follow4Follow - Follow 4 Follow The Best Social Media Exchange Website

Modern Techno ways

Discussion

Latest TECH

වර්තමානයේ සිංහල අන්තර්ජාල කලාවේ තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයෙන් දැනුම ගවේෂණයේ දී අනිවාර්යෙන්ම ඔබට පුළුල් පරාසයක විහි දූ විධිමත් තොරතුරු සමුදායක් දක්නට නොලබනු ඇත. ඉතින් එවන් තාක්ෂණික දැනුම් පිපාසිතයන් සදහාම අපි විසින් නිමැවූ SL ICTcafe ඔබට කදිම සන්ධිස්ථානයක් වේවි. සමුර්ධිමත් හා තාක්ෂණයෙන් සපිරි නව ශ්‍රී ලංකාවකට අපිත් දායක වෙමු....

පරිශීලක ගණන

දැන් වේලාව

IP Address Checker

© 2013 SL ICTcafe. WP Theme-junkie converted by ..-~*S|N*~-..
SL ICTcafe Bet365. Proudly Powered by Blogger.