Sunday, February 9, 2014

බිල් ගේට්ස් පියවරක් පසු බසී ( Bill Gates got step back)

SLICTcafe Technical Team   at  9:38 PM  No comments


මයික්‍රො‍සොෆ්ට් සමාගම පසුගිය දින ප්‍රකාශයට කරනු ලැබුවේ එහි අධ්‍යක්ෂ මණ්ඩලය විසින් සත්‍යා නඩෙල්ලා ප්‍රධාන විධායක නිළධාරී ලෙස නම් කරනු ලැබූ බවයි.නඩෙල්ලා මින් පෙර මයික්‍රොසොෆ්ට් සමූහ ව්‍යාපාර විධායක උප සභාපති ලෙස කටයුතු කළේය. මෙම පරිවර්තීය කාලය තුල මයික්‍රොසොෆ්ට් ආයතනය මෙහෙයවීමට සත්‍යා නඩෙල්ලාට වඩා හොඳ පුද්ගලයෙකු නැතැයි මයික්‍රොසොෆ්ට් ආයතනයෙහි නිර්මාතෘ හා අධ්‍යක්ෂ මණ්ඩලයේ සාමාජිකයකු වන බිල් ගේට්ස්ගේ අදහසයි.තව දුරටත් ඔහු දක්වන්නේ සත්‍යා විවිධ ඉංජිනේරු හැකියාවන්ගෙන් ව්‍යාපාර දැක්මකින් හා ජනතාව එක්කිරීමේ හැකියාවන් ඔප්පු කල හැකි නායකයෙක් බවයි.ඔහුගේ දැක්ම වනුයේ තාක්ෂණය කෙසේ භාවිතා කල යුතුද යන්න මෙන්ම ආයතනයක් ලෙස මයික්‍රොසොෆ්ට් හි නව පරිච්ඡේදය වන භාණ්ඩ නවෝත්පාදනය පුළුල් කිරීමේදී හා වර්ධනය කිරීමේදී එහි කාර්යභාරයයි.

1992 ආයතනයට එක් වූ දින සිට ඔහු විසින් ආයතනය සතු භාණ්ඩ හා සේවා කාලය සම්බන්ධ ප්‍රධාන උපාය මාර්ග හා තාක්ෂණික උපාය මාර්ග මෙහෙයවන්නෙක් විය.විශේෂයෙන්ම මයික්‍රොසොෆ්ට් ජාලය හා එහි උපකරණ ව්‍යාපාර යන්න දෙඅංශයකින් දැක්ම වෙළඳපොල තුල ප්‍රසාරණය වූ අතර තරඟ කරුවන්ගේ කොටස් ලබා ගැනීමටද හැකිවිය.
නඩෙල්ලාගේ අදහස වූයේ මයික්‍රොසොෆ්ට් යනු ලොව පුරා තාක්ෂණය හරහා විප්ලවීකරණය වුන දුර්ලභ ව්‍යාපාර අතුරින් එකක් බවය.එවැන් ව්‍යාපාරයක නායකත්වයට ඔහුව තේරි පත් වීම හැර තවත් ගෞරවයක් ඔහුට නොමැති බවත්ය.තවදුරටත් ඔහු කියා සිටියේ මයික්‍රොසොෆ්ට් වෙත ඇති අවස්ථා ප්‍රමාණය පුළුල් බවත් නමුදු එය ග්‍රහණය කර ගත යුතු බවත් ඔවුන් තවදුරටත් පැහැදිලිව වේගවත්ව මෙන්ම අඛණ්ඩව පරිවර්තනය විය යුතු බවත් ය.එසේම ඔහුගේ රැකියාවේ විශාල කොටසක් වනුයේ ඔවුන්ගේ හැකියාවන් හදුනා ගනිමින් පාරිභෝගිකයන් වෙත වඩාත් ඉක්මනින් නවෝත්පාදන උපාංග ලබා දිය යුතු බවය.
ස්ටෙවි බැල්මර් ප්‍රකාශ කර සිටියේ වසර 20ට වඩා ඔහුත් සමග සේවය තරමින් සිටින මා දන්නේ ඔහු මයික්‍රොසොෆ්ට් ආයතනයට සුදුසුම කාලයේ දි තේරි පත් වුන සුදුසුම නායකයෙක් බවයි.තවදුරටත් ඔහු අදහස් දක්වමින් කියා සිටියේ ආයතනයේ ඉතා දක්ෂ කාරිය මණ්ඩලයක් හා ජ්‍යේෂ්ඨ නායකත්ව කණ්ඩායමක් යටතේ සේවය කිරිමට හැකි වීම ඔහුට මහත් වු ගෞරවයක් බවය.එසේම ශ්‍රේෂ්ඨත්වයට පත් වීමට ඔවුන්ගේ ඇති ලැදිකම ‚ඕනැකම වර්ධනය කළ හැක්කේ සත්‍යාගේ ශක්තිමත් නායකත්වය යටතේ පමණක් බවය.
මයික්‍රොසොෆ්ට් ආයතනය නිවේදනය කරනු ලැබුවේ හිටපු අධ්‍යක්ෂ මණ්ඩලයේ සභාපත් බිල් ගේට්ස් මහතා නව කාර්යභාරයක් භාර ගනිමින් තාක්ෂණික නිරිමාත්‍ය හා උපදේශක බවට පත් බවත් ඹහු ආයතනය වෙනුවෙන් තව දුරටත් කාලය කැප කරමින් නඩෙල්ලාහට තාක්ෂණයට අනුව හැඩ ගැසීමට හා ඔවුන්ගේ නිෂ්පාදන දිශානතිය සඳහා සහය දෙන බවත්ය.
තොම්සන්අදහස් දක්වමින් කියා සිටියේ මයික්‍රොසොෆ්ට් මෙහෙය වීමට සිටින හොදම පුද්ගලයා පැහැදිලිවම සත්‍යා බවය.එසේම ඔවුන්ගේ මණ්ඩලයේ ඒකමතින සහය ඔහුට හිමි වන බවත්ය.මණ්ඩලය විසින් අපගේ කොටස්කරුවන්‚පාරිභෝගිකයන්‚හවුල්කරුවන් හා සේවකයින් බලාපොරොත්තුව සිටි වඩාත් ඥාණාන්විත ප්‍රවේශයක් ගත් බවය.
නඩෙල්ලාට අමතරව මයික්‍රොසොෆ්ට් අධ්‍යක්ෂ මණ්ඩලය බැල්මර්‚දිනා ඩබ්ලින්‚හිටපු ප්‍රධාන මූල්‍ය නිලධාරි ජේ.පි.මෝගන් චේස්‚ගේට්ස්‚මාරියා කේ.ක්ලේවි‚ හාර්වේ මුඩ් විද්‍යාලයේ සභාපති ස්ටෙෆන් ජේ.ලුස්කෝ වැනි තවත් සාමාජිකයන් කිහිප දෙනෙකුගෙන් සමන්විතය.මණ්ඩලයේ සාමාජිකයන් 10 දෙනෙක්ගෙන් 07 දෙනෙක් මයික්‍රොසොෆ්ට් ආයතනයේ පාලන නීති රිති වල අවශ්‍යතාවය මත ස්වාධීනව කටයුතු කරයි.

 http://www.srilankanews.lk ඇසුරෙනි.

http://www.srilankanews.lk/sinhala/index.php/news/internationalnews/4371-%E0%B6%B6%E0%B7%92%E0%B6%BD%E0%B7%8A-%E0%B6%9C%E0%B7%9A%E0%B6%A7%E0%B7%8A%E0%B7%83%E0%B7%8A-%E0%B6%B4%E0%B7%92%E0%B6%BA%E0%B7%80%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A-%E0%B6%B4%E0%B7%83%E0%B7%94-%E0%B6%B6%E0%B7%83%E0%B7%93

About the Author

Write admin description here..

Facebook Blogger Plugin: By RNHckr.com

0 comments:

මේ ගැන ඔබට හිතෙන ඕනෑම අදහසක් උදහසක් පහලින් සදහන් කරන්න.

Custom Search
Follow4Follow - Follow 4 Follow The Best Social Media Exchange Website

Modern Techno ways

වර්තමානයේ සිංහල අන්තර්ජාල කලාවේ තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයෙන් දැනුම ගවේෂණයේ දී අනිවාර්යෙන්ම ඔබට පුළුල් පරාසයක විහි දූ විධිමත් තොරතුරු සමුදායක් දක්නට නොලබනු ඇත. ඉතින් එවන් තාක්ෂණික දැනුම් පිපාසිතයන් සදහාම අපි විසින් නිමැවූ SL ICTcafe ඔබට කදිම සන්ධිස්ථානයක් වේවි. සමුර්ධිමත් හා තාක්ෂණයෙන් සපිරි නව ශ්‍රී ලංකාවකට අපිත් දායක වෙමු....

පරිශීලක ගණන

දැන් වේලාව

IP Address Checker

© 2013 SL ICTcafe. WP Theme-junkie converted by ..-~*S|N*~-..
SL ICTcafe Bet365. Proudly Powered by Blogger.