Monday, October 14, 2013

රජයේ ඉඩම් තොරතුරු පිලිබද විස්තර දැන් අන්තර්ජාලයෙන්

Unknown   at  8:39 PM  2 comments


රජයේ ඉඩම් තොරතුරු ප්‍රධාන කණ්ඩායම් 4ට වැදගත් වෙනවා.
  1. ඉඩම් නොමැති ජනයාට රජයේ ඉඩමක් ලබා ගැනීමට
  2. රජය අත්පත් කරගත් ඉඩම් හිමිකරුවන්ට ඒ සඳහා වන්දි ලබා ගැනීමට
  3. රජයේ ඉඩම් කළමනාකරණය කරන නිලධරීන්ට
  4. නව ව්‍යවසාය ආරම්භ කිරීමට බලාපොරොත්තු වන ආයෝජකයින්ට
හුණු වටයේ කථාවේ අසඩක් යුක්තිය ඉටු විය යුතු අයුරු උදාහරණයක් ලෙස කිව්වේ “ගොවි දනන් හට ඉඩම් හිමි විය යුතු සේ” කියලා
ඉඩම් ප්‍රශ්නය උම්මන්ග ජාතකයට ඇතුළත් විය යුතු තරමේ සංකීර්ණ ප්‍රස්තූථයක්.  එය ප්‍රාග්ධනය ලෙස‍ට මූලිකව සැලකෙන්නක් නිසා ආර්ථික හා දේශපාලනමය ලේඛණවල දැක්වෙන්නේ “ඉඩම් හිමි රඳළයන්ගේ පීඩනයට ලක් වූ අඳ ගොවි ජනතාවට එකම පිළිසරණ රජයෙන් ඉඩම් කැබැල්ලක් ලබා ගැනීම” ලෙසටයි.
මෙය තවත් ගැටළුකාරී හා සංකීර්ණ වී ඇත්තේ 13 වන ව්‍යවස්ථා සංශෝධනයෙන් මෙය පළාත් සභාවලට ලබා දී ඇතත් පළාත් සභා ඉඩම් ආයතන ඒ සඳහා මධ්‍යම රජයේ අනුමැතිය අවශ්‍ය වීමෙන් වැඩි ආයතන සංඛ්‍යාවක් මේ සම්බන්ධයෙන් කටයුතු කරන නිසා.
මේ නිසා “ඉඩම් ප්‍රශ්නය” මධ්‍යම රජයේ ඉඩම් අමාත්‍යාංශ, ඉඩම් කොමසාරිස් දෙපාර්තමේන්තුව,ඉඩම් නිරවුල් කිරීමේ දෙපාර්තමේන්තුවමහවැලි අධිකාරිය වගේම පළාත් සභාවේ ඉඩම් අමාත්‍යාංශ, ඉඩම් කොමසාරිස් දෙපාර්තමේන්තුව වගේ රාජ්‍ය ආයතන රාශියක රතු පටියට අහු වුන දෙයක්.
ඉඩම් නැති ජනයාට ඉඩමක් ලබා ගැනීමේ ගැටළුව වගේම රජයේ ඉඩම් පාලනය රජයේ නිලධාරීන්ට ගැටළුවක්.  පවරා දුන් ඉඩම් මොනවාද, බදු දුන් ඉඩම් මොනවාද, අත්පත් කරගත් ඉඩම් මොනවාද, ඉතිරිව ඇති ඉඩම් ප්‍රමාණය කොතෙක් ද, ඉඩම් බදු ලෙස අයවිය යුතු ආදායම කොතෙක්ද කියන කරුණු තියෙන්නේ දූවිලි පිරුණු ලිපි ගොනු තියෙන රාක්කවල. ඉතින් මේ සදාතනික ගැටළුව බස්නාහිර පළාතේ ලිහිල් කරන්න පොටක් පාදා ගන්න කෝකටත් තෛලයක් වන ඉ-රාජ්‍ය මේ ළඟදි පිහිටවුනා. ඒකට ලස්සන නමකුත් තියෙනවා eSlims. වෙබ් අඩවියwww.eslims.gov.lk. මේ පද්ධතිය 2013-01-18 දින උත්සවාකාරයෙන්  දියත් කළා.
ජනාධිපති ලේකම්, ලලිත් වීරතුංග මහතා පද්ධතිය දියත් කළ අවස්ථාව
පද්ධතිය දියත් කිරීමේ අවස්ථාවට සහභාගී වූ බස්නාහිර පළාතේ ප්‍රධාන අමාත්‍ය, ප්‍රසන්න රණතුංග මහතා, ඉක්ටා සභාපති, මහාචාර්ය පී.ඩබ්ලිව්. ඈපාසිංහ මහතා, බස්නාහිර පළාත් ඉඩම් ‍කොමසාරිස්, ඊ.ඒ.ආර්. රේණුකා මහත්මිය
බස්නාහිර පළාතේ මේ දක්වා ලබා දීපු ඉඩම් කට්ටි 80,000කට ආසන්න සංඛ්‍යාවක තොරතුරු ඇතුල් කළා පළමු අදියර යටතේ.  ඒ විතරක් නෙවෙයි ඉඩමක් ඉල්ලලා ඉල්ලුම්පත්‍රය ඉදිරිපත් කරපු ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ඉඳන් ඉඩම් අමාත්‍යාංශ 2ක්, ඉඩම් කොමසාරිස් දෙපාර්තමේන්තු 2ක් ආදිය පසු කර ගෙන ගෙන ඇවිත්  ජනාධිපතිතුමා විසින් ඉඩම ලබා දීම අනුමත කරන ඉම දක්වා කටයුතු පාලනය කරන කාර්ය ප්‍රවාහ පද්ධතයක් (workflow management system) ඒ වගේම ඉල්ලුම්පත්‍රය, පිඹුර ප්‍රදාන පත්‍රය ආදී ලියවිලි රඳවා ගන්න ලේඛණ කළමනාකරණ පද්ධතියක් (document management system) මේකට අයිතියි.  ඒ මගින් රාජ්‍ය නිලධාරීන්ට රජයේ ඉඩම් බැහැර කිරීම (state land alienation) සඳහා සම්පූර්ණ ඉ-රාජ්‍ය පද්ධතියක් ලැබුනා.  ප්‍රස්තූථ ඉඩමක තොරතුරු හොයා ගැනීම දැන් කජු කනවා වගේ වැඩක්. ඒ විතරක් නොවෙයි භූමිතික තොරතුරු පද්ධතියක් (GIS) මෙයට අඩංගුයි. රජයේ ඉඩමකට ඉල්ලීමක් පුරවැසියෙක් ඉල්ලූ ගමන් ඉඩම් නිලධාරීයාට ලබා දීපු Galaxy Tab එක යොදා ගෙන ඉඩමේ මායිම් (cordinates) ලකුණු කරලා ඉඩම භූමිතික සිතියමක පෙන්නන්න පුළුවන්. රජය ලබා දුන් හා ලබා නොදුන් ඉඩම් සියල්ල මේ වගේ ලකුණු කරන්නලු හදන්නේ.  මේකෙ ආරම්භය සටහන් කරපු 2013-01-18 දින ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතා එදින Galaxy Tab 10ක් ප්‍රාදේශීය ලේකම් කාර්යාල 10කට ලබා දුන්නා.  ඉතිරි ප්‍රාදේශීය ලේකම් කාර්යාල 30ට Galaxy Tabs ගන්න බස්නාහිර පළාත් ඉඩම් කොමසාරිස් කාර්යාලයට කටයුතු ආරම්භ කරලා.
බස්නාහිර පළාත් සභා කාර්යාලය සඳහා වෙන් කර ඇති ඉඩම eSlims පද්ධතියේ GIS තාක්‍ෂණය මගින් ලකුණු කර පසු පෙනෙන අයුරු
මේ විසඳුම නිදහස් හා විවෘත මෘදුකාංගයක්. ඒක ලංකා රාජ්‍ය මේඝයේ තමයි ස්ථාපනය කරලා තියෙන්නේ.  ඒ නිසා අනිත් පළාත්වලට මේක භාවිතයට ගන්න එක ඉතාම සුළු දෙයකි.  මධ්‍යම හා උතුරුමැද පළාතෙන් මේ ගැන දැනටමත් ඉල්ලීමක් කරලා.  රජයේ ඉඩම් කළමනාකරණ ගැටළුව නම් විස‍‍ඳෙයි මේකෙන්.
ඒත් පුරවැසියාගේ ඉඩම් ප්‍රශ්නය?
ඉඩම් ඉල්ලපු පුරවැසියන්ටත් පොඩි සහනයක් තියෙනවා මෙකෙන්.  තොරතුරු තාක්‍ෂණ සාත්තරේ දන්න පුංචි සිඤ්ඤොලාට පුළුවන් www.eslims.gov.lk අඩවියට ගිහිල්ලා තමන්ගේ ඉඩම් ඉල්ලුම්පත්තර කඩදාසියට මොකද වුනේ කියලා බලන්න.
ඒ වගේම දීපු තීරණ වැරදි බව හිතනවා නම් එතැනින්ම පැමිණිල්ලක් දාන්නත් පුළුවන්.
මේක ශ්‍රී ලංකාවේ භූමිතික සිතියම් ‍තොරතුරු යොදාගෙන පුරවැසි සේවා දෙන පළමු වෙබ් විසඳුම. ඒ වගේම මේක රාජ්‍ය ආයතන 7ක් එකතු වෙලා ඔවුන්ගේ ක්‍රියාවලි අන්තර්ග්‍රහනය (integrate) කරලා හදපු සම්බන්ධිත රාජ්‍ය විසඳුමක්.  ඒ කියන්නේ පුංචි සිඤ්ඤො රාජ්‍ය ආයතන ගානේ යවන්නේ නැතිව එකම තැනකින් මේ සේවාව බලා ගන්න පුළුවන් විසඳුමක් මේකෙන් ලැබෙනවා.  මේ තොරතුරු කෙටි පණිවුඩ මගින් රාජ්‍ය තොරතුරු කේන්‍ද්‍රය – 1919 ට කථා කරලා තමන්ගේ ඉඩම් ඉල්ලුම්පත්‍රයේ තොරතුරු බලා ගන්නත් පුළුවන්.
මේ විසඳුමේ දෙවන අදියරෙන් බදු එකතු කිරීම කළමනාකරණයට කටයුතු සලසාවි.
ඒ අනුව මේ විසඳුම රාජ්‍ය අංශයේ කාර්යක්‍ෂමතාව ඉහළ නංවන හා පුරවැසි මිත්‍රශීලී (කේන්‍ද්‍රීය) ඉතා හොඳ ඉ-රාජ්‍ය විසඳුමක් වේවි. හැබැයි රජයේ ඉඩම් භාරව කටයුතු කරන ආයතන කොපමණ කැප වීමකින් මෙය භාවිතා කරනවාද දියුණු කරනවාද යන කරුණ මත තමයි ඒ සියල්ල රඳා පවතින්නේ.
රාජ්ය තොරතුරු කේන්ද්‍රය ඇසුරිනි.

About the Author

Write admin description here..

2 comments:

මේ ගැන ඔබට හිතෙන ඕනෑම අදහසක් උදහසක් පහලින් සදහන් කරන්න.

Custom Search
Follow4Follow - Follow 4 Follow The Best Social Media Exchange Website

Modern Techno ways

වර්තමානයේ සිංහල අන්තර්ජාල කලාවේ තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයෙන් දැනුම ගවේෂණයේ දී අනිවාර්යෙන්ම ඔබට පුළුල් පරාසයක විහි දූ විධිමත් තොරතුරු සමුදායක් දක්නට නොලබනු ඇත. ඉතින් එවන් තාක්ෂණික දැනුම් පිපාසිතයන් සදහාම අපි විසින් නිමැවූ SL ICTcafe ඔබට කදිම සන්ධිස්ථානයක් වේවි. සමුර්ධිමත් හා තාක්ෂණයෙන් සපිරි නව ශ්‍රී ලංකාවකට අපිත් දායක වෙමු....

පරිශීලක ගණන

දැන් වේලාව

IP Address Checker

© 2013 SL ICTcafe. WP Theme-junkie converted by ..-~*S|N*~-..
SL ICTcafe Bet365. Proudly Powered by Blogger.