All Stories
Showing posts with label TECH කතන්දර. Show all posts

Friday, September 6, 2013

මෙම ලිපිය ලියන්න ගොඩක්ම හේතු වුනේ ගොඩක් කට්ටිය තමන්ගේ ජංගම දුරකථන වල බැටරිය පවත්වා ගන්න අයුරු නිසි ලෙස නොදැන සිටීමයි.අනිත් කාරණය තමයි ගොඩක් දෙනා අතර තියෙන මිථ්‍යා මත මේ බැටරි භාවිතය සම්බන්ධයෙන්….

සාමාන්‍යෙයන් ජංගම විද්‍යුත් උපකරණ වල බහුලව යොදාගන්නේ NiCad එහෙමත් නැත්නම් “නිකල් කැඩ්මියම්“ හෝ Li-ion “ලිතියම් අයන්“ කියන බැටරි විශේෂ දෙක (මෙයිනුත් NiCad දැන් අලුත් උපකරණ වල ඉතා අවම මට්ටමින් භාවිතා වෙනවා).
දැන් බලමු මොනාද මේ NiCad හා Li-ion කියන ඒවගේ වෙනස කියලා

Nickel Cadmium බැටරි

1899 දී Waldmar Jungner කියන Sweden ජාතික ඉංජිනේරුවා විසින් මෙම බැටරි සංකල්පය සොයාගන්නා ලදී. ඒ කාලේ තිබ්බ Lead Acid බැටරි වලට හොද ආදේශකයක් ලෙස මෙය එකල භාවිතා නොවුනේ මේ සදහා යන වියදම අධික වූ බැවින්. 1932 දී මේ සම්බන්ධව සැලකිය යුතු මට්ටමේ දියුණු වීමක් සිදු උනද බැටරිය නැවත ආරෝපණය කිරීමේ දී පිටවන වායූන් අවශොෂනය කරන ක්‍රමය සොයාගැනුනේ 1947 දී . දැන් ඔබ වෙළද පොලේ දකින මුද්‍රා සහිත Ni Cad බැටරිය එම පර්යේෂන වල ප්‍රතිඵලයක්.

නිකල් කැඩ්මියම් බැටරි වලට වැඩිය කරුණු දක්වන්නේ නැතුව මෙම විශේෂයේ වාසි හා අවාසි සැකෙවින් පහත දක්වන්නම්….

වාසි
  1. සරළ ක්‍රමයක් භාවිතයෙන් ආරෝපණය කිරීමේ හැකියාව.
  2. ඉතා වැඩි ආරෝපණ ප්‍රමාණයක් සදහා ඔරොත්තු දීම(නියමිත ලෙස බැටරිය නඩත්තු කරන්නේ නම් 1000 වාරයක් පමණ)
  3. බැටරිය විසර්ජිත අවස්ථාවෙන් ගබඩා කල හැකි වීම.
  4. අඩු උෂ්නත්ව පරිසරයන්හිදී අනෙක් වර්ග වලට වඩා හොදින් ක්‍රියාත්මක වීම.
  5. දැරිය හැකි මට්ටමක මිලක් පැවතීම.
             අවාසි
  1. සාපේක්ෂව අඩු බලයක් අඩංගු වීම.
  2. බැටරියේ මතක මට්ටම් සටහන් වීම( Memory Effect – බැටරිය සම්පූර්ණයෙන්ම විසර්ජනය කිරිමේ අවශ්‍යතාව. එසේ නොවුණහොත් බැටරිය අවම මට්ටම වෙනුවට ඊට ඉහලින් ඇති මට්ටමක් අවම මට්ටම ලෙස බැටරිය සලකනු ලබනවා. එවිට බැටරියේ ජීව කාලය අඩු වෙනවා)
  3. පරිසර දූෂිත කොටස් අඩංගු වීම( කැඩ්මියම් විෂ සහිත මූල ද්‍රව්‍යයකි)
  4. ඉබේ විසර්ජනය වීමේ හැකියාව ඉතා අධිකය
265px-Nicd_disassembled
                                                      Ni Cad බැටරියක ඇතුල් කොටස් (මූලාශ්‍ර – Wikipedia)

මෙහි සදහන් Memory Effect ගැන වැඩිදුර කරුණු අවශ්‍ය අයට පහත සබැදියෙන් ඒ පිළිබදව තව දුරටත් අධ්‍යයනය කල හැක.

සටහන-මීට අමතරව NiMH (Nickel Metal Hydride ) කියන බැටරි වර්ගයක් තියෙනව ගොඩක් පෝටබල් Device වල භාවිතා වන ඒ කරුණු අවශ්‍ය අය මේ සබැදියෙන් අධ්‍යයනය කරන්න.

Li-ion බැටරි

මේ බැටරි වර්ගය ගැන මම ටිකක් වැඩි පුර විස්තර කරනවා මොකද මේ වර්ගය මේ වන විට බහුලව ම භාවිතා වෙන බැටරි වර්ගයක් වෙන හින්දා.

1970 ගණන් වල M.Stanley Whittingham කියන රසායන විද්‍යාඥයා මේ සම්බන්ධ කරුණු මුල් වරට ලෝකයට ‍හෙළි කරනු ලබනවා.(අදටත් එතුමා Binghamton University. සරසවියේ මහාචාර්යවරයෙක් ලෙස සේවය කරනවා)

Li ion බැටරිය වැඩ කරන විදිහ සරල විදිහට කිව්වොත් බැටරිය විසර්ජනය වන විට Lithium අයන ඍණ ඉලෙක්‍ටේ‍ර්ඩයේ සිට ධණ ඉලෙක්‍ෙට්‍රා්ඩය වෙත ගමන් කරනවා.

lithium-ion-battery-5

                                                Li –ion බැටරියක හරස්කඩ(මූලාශ්‍ර – HowstuffWorks)

බැටරියේ අයන ගමන් කරන විදිහ (විසර්ජනයේදී හා ආරෝපණයේදි ) පහත රූප සටහන් වලින් පැහැදිලි වෙයි කියල හිතනවා.

lithium-ion-battery-6

lithium-ion-battery-4

ඉහත රූප සටහන් වල පෙනෙන ආකාරයට Li – ion බැටරියක් විසර්ජනය හා ආරෝපණය සිදු  වෙනවා. මෙහිදී මතක තියා ගත යුතු කරුණක් තමයි අනෙත් වර්ග වලට වඩා මෙහි එක් Cell එකක ඉහළ වෝල්ටීයතාවයක් රැදී තිබීම. අනෙත් කාරණය OverCharging වලට මෙම බැටරි කිසි සේත්ම ඔරොත්තු දෙන්නේ නෑ . එයින් වැළකීම සදහා විශේෂ පිළිවෙත් මෙහි අඩංගු වෙනවා.

ගොඩක් Li –ion බැටරි වල එක් Cell එකක 4.20 V වෝල්ටීයතාවයක් අඩංගු වෙනවා.

පහත සටහනින් මෙහි ආරෝපණ ක්‍රියාවලිය ගැන තව දුරටත් අවබෝධයක් ගත හැකියි.

ion1

සමාන්‍යයෙන් බැටරියක් සම්පුරණයෙන්ම ආරෝපණය වීමට පැය 3-4 කාලයක් ගන්නවා. නමුත් බැටරිය සම්පූර්යෙන්ම ආරෝපණය කිරීම අත්‍යවශ්‍ය වන්නේ නැහැ. මන්ද ඉහත සදහන් කල පරිදි ඉහල වෝල්ටීයතාවයන් බැටරියේ ආයු කාලය අඩු කිරීමට බලපාන බැවින්, නමුත් මෙහි ඇති අනෙත් ප්‍රශ්නය වන්නේ බැටරිය  යොදා ඇති උපකරණයේ ධාවන කාලය(Run Time) අවම වීමයි.

ඉහත සටහනේ දක්වන ලද ආකාරයට පළමු අදියර (Stage 1 ) ට වඩා සැලකිය යුතු මට්ටමේ කාලයක් Stage 2 එනම් බැටරිය සංතෘප්ත වීමට ගත වෙනවා ( මේ නිසා තමයි ජංගම දුරකථන බැටරියක අවම මට්ටමේ සිට සැලකිය යුතු මට්ටමක් දක්වා ඉතා ඉක්මනින් ආරෝපණය වෙන්නේත් Full Charge වීමට ඊට වඩා වැඩි කාලයක් ගත වෙන්නේත් )

මේ සටහනින් තවත් ඔය කතාව පැහිදිලි කර ගන්න පුලුවන්.

ion2

ජංගම දුරකථන බැටරියක් නම් සම විටම එය Power Off කර ආරෝපණය කරන තරමට බැටරියේ ආයු කාලය රැකෙනවා. එයට ‍හේතුව ආරෝපණ චක්‍රය විකෘති වීම වලක්වා ගැනීමයි(Parasitic Load)

කිසිම විටෙක Li-ion බැටරි සම්පූර්ණයෙන් විසර්ජනය වීමට ඉඩ හරින්න එපා (මේ සදහා Built in උපාංග බැටරි තුල මේ වන විට අඩංගු වෙනවා) මෙයට එක් හේතුවක් ලෙස දැක්විය හැක්කේ බැටරි‍ෙය් ඇති Cell අස්ථායි වීමයි අලුතින් නිපදවූ බැටරි පවා නිෂ්පාදකයා එවන්නේ 40% පමණ ආරෝපණයෙන් පසුව වන්නේ ඒ නිසයි.

දේහලීය අගය(Threshold Value)
Li Ion බැටරි වල දේහලීය අගයන් දෙකක් අඩංගු වෙනවා.  උදාහරණයක් විදිහට කිව්වොත් බැටරිය 100% නම් එයින් ආරෝපණය වන්නේ 90% විතරයි.(මේ Over charge වීම වලක්වා ලීමට සෑදූ උපක්‍රමයකි) ඒ වගේම Discharge වෙන කොට 10% වෙනකොට බැටරිය ක්‍රියා විරහිත වෙනවා . ඉතුරු 10% වැඩ කරන්නේ දුරකථන වල ඔරලෝසුව ආදී දේ ට බලය සැපයීමට හා සම්පූර්ණයෙන්ම Discharge වී බැටරිය අකරමන්‍ය වීම වැලකීමට.

නිතර ආරෝපණය(Subsequent Charging)
Li –ion බැටරියක් ආරෝපණයේදී පෙර සදහන් කල පරිදි සැම විටම 70 % මට්ටමේ වත් බැටරියේ ආරෝපණ මට්ටම පවත්වා ගැනීම සුදුසු වෙනවා (100 % පවත්වා ගැනීම බැටරියේ ආයු කාලය අඩු කරනු ලබනවා මෙන්ම Cell වලට හානි වීමේ සම්භාවිතාව ඉහල දමනු ලබනවා)
දිගින් දිගට මෙසේ අරෝපණයේදී බැටරියේ සත්‍ය මට්ටම වෙනස් විය හැකි බැවින් දින 20 කට සැරයක් බැටරිය 0% – 100% තෙක් ආරෝපණය කිරීම සුදුසු වනවා.

ගබඩා කිරීම(Storage)
ඔබ බැටරිය භාවිතා කරන්නේ නැත්නම් බැටරිය ගලවා සිසිල් වියලි තැනක අසුරා තබන්න. 40% – 50 % අතර ආරෝපණ මට්ටම තබන්න. දින 40% කට වරක් නැවත එලෙස ආරෝපණය කරන්න.

සාරාංශය
  • බැටරිය Overcharge නොකරන්න.
  • බැටරිය සම්පූර්ණයෙන් විසර්ජනය කිරීමට ඉඩ හරින්න එපා
  • හැකි සෑම විටම බැටරියේ ආරෝපණ මට්ටම 70% මට්ටමේ තබා ගන්න.
  • අනුමත ආරෝපක(Chargers ) පමණක් භාවිතා කරන්න.

මෙම ලිපිය කාලින්ග ගුනවර්ධනගෙ වළාකුල    ඇසුරිනි.

මිථ්‍යා මත නොමැති ජංගම දුරකථන බැටරි

Unknown   at  11:52 PM  No comments

Continue Reading→

Saturday, November 24, 2012

 හැමෝම කතාකරන 3D Technology ගැනයි මේ...........!

අප ‍‍ගේම් හෝ ෆිල්ම් බැලීමේදී අපට බැලිය හැකිවන්නේ ද්විමාණව ඒ මොකෝ දන්නවද අපේ පරිගණක තිරය ද්විමාණ බැවිනි. එහෙත් ඔබට මතක ඇති ජේම්ස් කැමරන් නිශ්පාදනය කල ඇවටර් චිත්‍රපටයට ලොව ප්‍රතම ත්‍රිමාණ චිත්‍රපටයටයයි. එහෙත් මීට පෙර ත්‍රිමාණ ෆිල්ම් කොපමණ නිශ්පාදනය කර තියෙනවද....... ඇයි මේක ලොව ප්‍රතම ත්‍රිමාණ චිත්‍රපටයටය යැයි නම් කලේ.......ඒකට හේතුව මෙම චිත්‍රපටයට ත්‍රිමාණ 

සජීවීකරණ වලින් සමන්විත ප්‍රතම චිත්‍රපටිය නොව ත්‍රිමානව බැලියහැකි ප්‍රතම චිත්‍රපටියයි...... සරලව කිවහොත් එම චිත්‍රපටිය ත්‍රිමාන පහසුකම් ඇති චිත්‍රපට ශාලාවක බැලුවහොත් එම සිද්දීන් අප ඉදිරිපිට සිදුවන ආකාරයට මවාපෑම් සිදුකිරීමයි.............

සූර්යාගෙන් නිකුත්වන සුදු ආලෝකය වර්ණ අතර සන්කලනය වන අතර අප අවට වස්තූන් විවිද වර්ණයෙන් දිස් වනුයේ එම වස්තූන් මත සුදු ආලෝකය පතිතවූ විට සුදු ආලෝකයට අයත් වර්ණ අතරින් එම වස්තුවට අදාල වර්නය පමනක් පරාවර්තනය වීමයි. උදාහරණයක් ලෙස නිල් පැහැති වස්තුවකට ආලෝකය පතිතවූ විට සූර්‍යාගේ සුදු ආලෝකයේ ඇති අනෙකුත් වර්ණ සැඟවී නිල් පැහැති ව

ර්ණය පමනක් පරාවර්තනය වේ..........

ඔබේ මුහුන ඉදිරියෙන් පැන්සලක් තබාගන්න. දැන් ඇසක් වසා බලන්න. එඅ ඇස ඇර අනෙක් ඇස වසා බලන්න පැන්සල තිබෙන ස්තානය වෙනස් වෙනවා නේද.......... 3D තාක්ශනයටත් යොදාගෙන ඇත්තේ එම මූලදර්මයමයි..............

ත්‍රිමාණ චිත්‍රපටයක් පියවි ඇසින් ද්විමාන ලෙස දර්ශනය උවද ත්‍රිමාණ කන්නාඩියක් මගින් නැරබීමේදී එම දර්ශනය ත්‍රිමාණ ලෙස දර්ශනය වේ..........

දැන් ඕගොල්ලන්ටත් 3D ගැන උනන්දුවක් ඇතිවෙන්නැති. you tube එකේ එහෙම සර්ච් කරල බලන්නකො 3D විඩියෝ........හැබැයි ඉතින් 3D ග්ලාස් එකක් තියෙන්න ඔනෙ ඒක 3D විදිහටම බලන්නනම්........................

3D කලාව

SLICTcafe Technical Team   at  1:33 PM  2 comments

Custom Search
Follow4Follow - Follow 4 Follow The Best Social Media Exchange Website

Modern Techno ways

Discussion

Latest TECH

වර්තමානයේ සිංහල අන්තර්ජාල කලාවේ තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයෙන් දැනුම ගවේෂණයේ දී අනිවාර්යෙන්ම ඔබට පුළුල් පරාසයක විහි දූ විධිමත් තොරතුරු සමුදායක් දක්නට නොලබනු ඇත. ඉතින් එවන් තාක්ෂණික දැනුම් පිපාසිතයන් සදහාම අපි විසින් නිමැවූ SL ICTcafe ඔබට කදිම සන්ධිස්ථානයක් වේවි. සමුර්ධිමත් හා තාක්ෂණයෙන් සපිරි නව ශ්‍රී ලංකාවකට අපිත් දායක වෙමු....

පරිශීලක ගණන

දැන් වේලාව

IP Address Checker

© 2013 SL ICTcafe. WP Theme-junkie converted by ..-~*S|N*~-..
SL ICTcafe Bet365. Proudly Powered by Blogger.