Monday, January 20, 2014

Virtual PC Software කියන්නෙ මොකද්ද?

SLICTcafe Technical Team   at  2:25 PM  1 comment


Virtual PC කියන්න්නේ තමන් වැඩ කරන PC එක ඇතුලෙම තවත් PC හදා ගන්න පුලුවම් ක්‍රමයක් (තවත් සරලව කිව්වොත් Computer ක් අතුලේ තවත් Computer එකක්) . මෙකේ තියෙන වාසිය තමා ඔයාට ඔයගේ PC තියෙන OS එක තියෙන හාර්ඩ් ඩිස්ක් එක Format කරන්නේ නැතිව වෙන OS එකක් Run කරල බලන්න පුලුවම්. එවගේම ඒ OS එක Install කරලා ගන්න අත්දෑකිම ඒ විදිහටම අත්දකින්න පුලුවම්.

මෙකෙදි වෙන්නේ ඔයලගේ Physical PC එකේ තියෙන Resources වලින් තවත් PC එකක්( Virtual PC) හදන එක. එ කියන්නේ ඔයා ඔන්න ඔයගෙ  Physical PC එකේ මෙ Software use කරල Virtual PCඑකක් හදනව කියන්නකො. එතකොට Virtual PC එකේ  RAM එකට ඉඩ ගන්නේ ඔයගේ Physical PC එකේ තියෙන RAM එකෙන්. ඔයා අලුතෙන් හදන Virtual PCඑකේ HDD එකට ඉඩ ගන්නේ ඔයගේ  Physical PCඑකේ තියෙන HDD එකෙන්.මේ වගේ ඔයගෙ Physical PCඑකේ තියෙන වැඩිපුර තියෙන Resources  Use කරල ඔයාට Virtual PC 1 හො කිහිපයක හදා ගන්න පුලුවම්.



එක් එක් ආයතන වලින් මේ Virtual PC වලට හදලා තියෙනව Software එක එක නම් වලින්.හෑබෑයි මෙ හැම එකකම Concept නම් එකයි. මෙන්න මෙවා තමයි ඒ Software.


Oracle ලගේ VM Virtualbox



මෙන්න මෙතනින් ඔයලට Oracle ලගේ VM Virtualbox Download කරගන්න පුලුවම්


Oracle ලගෙ තියෙනෙ හොද තමයි මේVM Virtualbox  Free  එක ගන්න පුලුවන්කම.



අනිත් එක තමා Parallels



මේක Free දෙන්නෙ නම් නැ. එත් මේක Mac OS තියෙන අයට හොන්දයි. Free ගන්න නැත්තම් ගන්න විදිහ දන්නවනෙ?????

මෙන්න මේක තමයි ඒගොල්ලන්ගේ Site එක. ගිහින් විස්තර බලාගන්න පුලුවම්.

 

 

QEMU තමයි Linux වලට හොන්දම.


මේක නම් Free දෙනවා. මේක අනිත් Software වලට  වඩා හුගක් Special  එකක්. මෙක තියෙන්නෙ නම් Linux වලට විතරයි. මෙකෙ තියෙන Special එක තමා, මේක(KVM system) Kernel-based Virtual Machine එකක්. ඒ නිසා මෙ එකට කෙලින්ම Hardware Device  එක්ක Call කරන්න පුලුවම්. ඒක නිසා මේකෙන් අනිත් වලට වඩා හොන්දට(Smoothly) වැඩ කරන්න පුලුවම්. 

මෙන්න මෙතනින් ඔයලට QEMU  Download කරගන්න පුලුවම්


Microsoft ලගේ Windows Virtual PC



මේක Microsoft ලගේ වැඩක්. මේ වගෙ දේයක් Micosoftලට හදන්න උනේ, Microsoftලගේ Windows Vista වැටුන නිසා. Vista හැදුවට එකේ හුගක් අව්ල් තිබුනා. ඉතින් Software developersලා Windows Vistaවලට හුගක් Software develop කලේ නෑ. මේක නිසා හුගක් කට්ටිය Windows XP වලම දිගටම වැඩ කලා. ඉතින් ඉට පස්සේ Windows 7 අවනේ. එත් තාමත් හුගක් අය XP වල වැඩ කලේ. මොකද එයල ගාව හුගක් තිබුනේ Xpවල විතරක් Run වෙන Software . ඉතින් Microsoftලටත් කොහොම හරි Windows 7 විකුන ගන්න ඔනේනේ. ඉතින් එකටයි මේගොල්ල එකටයි මෙක හැදුවේ.

මේක ගැන වැඩි විස්තර, Download කරගන්න මෙතනින් පුලුවම්.

Microsoft Server එකත් එක්ක එන Hyper-V



මේක එන්නේ නම් Windows Servr එකත් එක්කම. මේක Windows Server එකේ වෙනම Role එකක්.  එත් මෙකත් අපි කතා කරන Topic එකට අයිති නිසයි දැම්මේ. මෙකත් ලොකු වැඩක් කරනවා ලොකු Network එකක. මෙකත් Server  එකක් ව්දිහට ඔයලට Download කරගන්න පුලුවම්.

මේක ගැන වැඩි විස්තර මෙතනින් බලා ගන්නකො.

හුගක් කට්ටිය Use  කරන VMware


මේක තමා හුගක් අය කරන Software එක. මෙකෙන් හුගක් දේවල් කරන්න පුලුවම්. එක නිසා තමා හුගක් අය මේක පාවිච්චි කරන්නේ. මෙකේ වර්ග 2ක් තියෙනව, එකක් තමා  VMware Player හාVMware Workstation. මේ දේකේ වැඩි වෙනස්ක් නම් නෑ.  VMware Player free එක ගන්න පුලුවම්. මෙකෙන් හුගක් Basic දේවල් තමා  තියෙන්නේ. එත් VMware Player  වල වලට වඩාAdvance හුගක් දේවල් තියෙනව VMware Workstation. නමුත් Free නම් ගන්න බෑ.තවත් ගොඩ්ක් අලුත් අලුත් දෙවල් මේ VMware ලා කරලා තියෙනවා දැන්. පල්ලෙහා තියෙන ලින්ක් එකට ගිහිල්ලම බලන්නකො.

මේක ගැන වැඩි විස්තර, Download කරගන්න මෙතනින් පුලුවම්.
https://www.vmware.com/products/



මෙම තොරතුරු Nanova World ඇසුරෙනි.

About the Author

Write admin description here..

1 comment:

මේ ගැන ඔබට හිතෙන ඕනෑම අදහසක් උදහසක් පහලින් සදහන් කරන්න.

Custom Search
Follow4Follow - Follow 4 Follow The Best Social Media Exchange Website

Modern Techno ways

වර්තමානයේ සිංහල අන්තර්ජාල කලාවේ තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයෙන් දැනුම ගවේෂණයේ දී අනිවාර්යෙන්ම ඔබට පුළුල් පරාසයක විහි දූ විධිමත් තොරතුරු සමුදායක් දක්නට නොලබනු ඇත. ඉතින් එවන් තාක්ෂණික දැනුම් පිපාසිතයන් සදහාම අපි විසින් නිමැවූ SL ICTcafe ඔබට කදිම සන්ධිස්ථානයක් වේවි. සමුර්ධිමත් හා තාක්ෂණයෙන් සපිරි නව ශ්‍රී ලංකාවකට අපිත් දායක වෙමු....

පරිශීලක ගණන

දැන් වේලාව

IP Address Checker

© 2013 SL ICTcafe. WP Theme-junkie converted by ..-~*S|N*~-..
SL ICTcafe Bet365. Proudly Powered by Blogger.