Wednesday, October 31, 2012

Facebook App Center නිකුත් වෙයි..

SLICTcafe Technical Team   at  2:38 PM  No comments

                                                       

Facebook App Center නිකුත් වෙයි..


Facebook තුලදී භාවිතා වෙන Apps එකතුව වර්ගීකරණය කර Facebook App Center නමින් (ජූනි 8 ) එළිදැක්වුවා. ආරම්භයේදී විවිධ ප්‍රවර්ගයන්ට අයත් ඇප්ස් 600ක් පමණ මෙම ඇප් සෙන්ටර් හි අන්තර්ගත බවයි පැවසෙන්නෙ.
https://www.facebook.com/appcenter ලිපිනය ඔස්සේ ​Facebook AppCenter වෙත ප්‍රවේශ වීමට පුළුවන්.
මෙහි ඇප්ස් ප්‍රධාන වශයෙන් වර්ග දෙකකට වෙන් කරල තියෙන්නෙ. එනම් Timeline Apps හා Mobile Apps ලෙසින්.
Timeline Apps ඔබගේ Facebook Timeline එකට එකතු වෙනවා. ඒවා ඔබගේ Timeline එකේ ඉහලින්ම දකින්න පුළුවන්.
Mobile Apps දැනට ක්‍රියාත්මක වෙන්නෙ Android හා iOS සඳහා පමණයි. ඒ සඳහා ඔබගේ Facebook Mobile App එක AppStore/PlayStore වෙතින් යාවත්කාලීන කරගතයුතු වනවා. එවිට “Apps & Games” ලෙසින් නව අයිතමයක් ප්‍රධාන මෙනුවට එකතු වේවි.
මෙම සියළුම ඇප්ස් ලැයිස්තු වෙත පරිගණය ඔස්සේ පිවිසෙන්න පුළුවන්. එසේ පිවිස “Go to App” හරහා Timeline එකට එකතු කරගැනීමටත්, “Send to Mobile” මගින් එම ඇප් එක බාගත කරගැනීමට ​ජංගම දුරකථනය වෙත link එකක් යැවීමටත් පුළුවන්. Mobile Apps බාගත කරගැනීමට Link එකක් පමණයි යැවෙන්නෙ. එවිට එම App එක අඩංගු AppStore / PlayStore පිටුව වෙත ඔබව යොමුකෙරෙනු ඇත.
AppCenter හි ඇති ප්‍රධාන වාසිය නම් අදාල ඇප් එක පිළිබඳ සියළුම විස්තර එකම පිටුවක දක්නට පුළුවන් වීම. එමෙන්ම අසම්පූර්ණ විස්තර සහිත ඇප් වල විස්තර සම්පූර්ණ කරන ලෙස ​Facebook සමාගම Apps වල Developersලාගෙන් ඉල්ලා සිටිනවා. ඔබත් Facebook App Developer කෙනෙක් නම්, App Center Tutorial මගින් විස්තර ලබාගෙන තමන්ගේ Apps වල detail pages සම්පූර්ණ කිරීම එම ඇප්ස් භාවිතා කරන්නන්ට පහසුවක් වේවි.


About the Author

Write admin description here..

Facebook Blogger Plugin: By RNHckr.com

0 comments:

මේ ගැන ඔබට හිතෙන ඕනෑම අදහසක් උදහසක් පහලින් සදහන් කරන්න.

Custom Search
Follow4Follow - Follow 4 Follow The Best Social Media Exchange Website

Modern Techno ways

වර්තමානයේ සිංහල අන්තර්ජාල කලාවේ තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයෙන් දැනුම ගවේෂණයේ දී අනිවාර්යෙන්ම ඔබට පුළුල් පරාසයක විහි දූ විධිමත් තොරතුරු සමුදායක් දක්නට නොලබනු ඇත. ඉතින් එවන් තාක්ෂණික දැනුම් පිපාසිතයන් සදහාම අපි විසින් නිමැවූ SL ICTcafe ඔබට කදිම සන්ධිස්ථානයක් වේවි. සමුර්ධිමත් හා තාක්ෂණයෙන් සපිරි නව ශ්‍රී ලංකාවකට අපිත් දායක වෙමු....

පරිශීලක ගණන

දැන් වේලාව

IP Address Checker

© 2013 SL ICTcafe. WP Theme-junkie converted by ..-~*S|N*~-..
SL ICTcafe Bet365. Proudly Powered by Blogger.