Wednesday, October 31, 2012

ලැප්ටොප් එකදිගටම විදුලිය හා සම්බන්ධ කර භාවිතය සුදුසුද?

SLICTcafe Technical Team   at  2:04 PM  No comments



ගොඩක් අය විවිධ මතයන් ඉදිරිපත් කරන මාතෘකාවක් තමයි බැටරිය විදුලිය හා සම්බන්ධ කරගෙන වැඩ කිරීම. සමහරෙක්ට අනුව එසේ කිරීම සුදුසුයි, තවකෙක්ට අනුව එසේ කිරීම සුදුසු නැහැ. මෙම සටහනින් කතා කිරීමට බලාපොරොත්තු වන්නේ ඒ ගැනයි.
ප්‍රධාන වශයෙන් අද වෙනකොට භාවිතා වෙන බැටරි වර්ගය තමයි ලිතියම්-අයන් (Li-ion). ලැප්ටොප්, ජංගම දුරකථන, කැමරා, ටැබ් ආදී අයිතම ගණනාවක් තුල භාවිතා වෙන්නෙ මෙම බැටර් වර්ගයයි. මීට පෙර භාවිතා වුනේ නිකල් බැටරි (Ni-MH) නිකල් බැටරි භාවිතා කලයුතු වුනේ බොහොම පරිස්සමින් (තවමත් ඇතැම් කැමරා වර්ග සඳහා තවමත් භාවිතා කරන්නෙ නිකල් බැටරි). මොකද මෙම බැටරි නැවත් ආරෝපණය (Charge) කරන්න, දැනට තියෙන ආරෝපනය සම්පූර්ණයෙන්ම අවසන් වන තුරු සිටිය යුතුයි. නැතුව අතරමැදින් චාජ් කලොත් වෙන්නෙ බැටරිය බොහොම ඉක්මනින් සවුත්තු වෙලා යන එක.
නමුත් ලිතියම් බැටරි වල තත්වය මීට වඩා ගොඩක් වෙනස්. මෙම බැටරි තුල වෙනමම පරිපථයක් අඩංගු වෙනවා බැටරියේ දැනට ආරෝපනය වී ඇති ප්‍රමාණය දැනගැනීමට. එම නිසා පරිපථය දන්නවා මේ වන විට බැටරියේ ආරෝපනය වී ඇති ප්‍රමාණය. එම නිසා නැවතත් විදුලිය හා සම්බන්න කල විට පරිපථය විසින් බැටරියේ හිඟ ආරෝපණ ප්‍රමාණය පමණක් ලබාගෙන චාජ් කිරීම නවතා දමනවා. එතැන් සිට කෙලින්ම ප්‍රධාන විදුලියෙන් තමයි උපාංගය බල ගැන්වෙන්නෙ.
ඇතැම් විට අලුතින් මිලදී ගත් ලැප්ටොප් වල පවා බැටරිය හානි වී ඇති බව මෙහෙයුම් පද්ධතිය මගින් දන්වනවා. නමුත් සාමාන්‍ය පරිදි නියමිත කාලයම උපාංගය ධාවනය වෙනවා ඔබ දැක ඇති. එසේ වන්නෙ කලින් සඳහන් කල පරිපථයට පමණත් හානි වී ඇති විටයි.

ලැප්ටොප් එකදිගටම විදුලිය හා සම්බන්ධ කර භාවිතය සුදුසුද?
පිළිතුර : ඔවු. ගැටළුවක් නැහැ

සමහරුන් මතයක් දරනවා බැටරිය චාජ් වී අවසන් වූ පසුව විදුලියෙන් විසන්ධි කර භාවිතා කල යුතු බවට. ජංගම දුරකථන, කැමරා, ටැබ් ආදියට නම් විදුලියෙන් විසන්ධි නොකර භාවිතා කිරීම ප්‍රායෝගිකව අපහසුයි. නමුත් ලැප්ටොප් එසේ අපහසු නැහැ. කෙසේ වුවත් මෙසේ විදු​ලියෙන් විසන්ධි කර භාවිතා කිරීමෙන් වෙන්නෙ බැටරියේ ආයු කාලය ඉක්මනින් අවසන් වෙන එක.
බැටරියක් නිෂ්පාදනය කිරීමේදී එහි ආයුකාලය charge cycle වලින් දල ගණනයක් සිදු කරනවා. බැටරියෙන් බැටරියට මෙම cycles ගණන වෙනස්. මෙහිදී එක cycle එකක් කියන්නෙ පැයක් දෙකක් භාවිතා කර නැවත චාජ් කිරීම නොවෙයි.
බැටරියේ එක charge cycle එකක ආයු කාලය පැය 4ක් කියා සලකන්න (charge cycle එකක ආයුකාලය යනු සම්පූර්ණයෙන්ම චාජ් කර, නැවත චාජ් කිරීමකින් තොරව සම්පූර්ණයෙන්ම බැස යන තෙක් සම්පූර්ණ කාලයයි). මෙම බැටරිය පැය දෙකක් භාවිතා කර නැවත වරක් චාජ් කලහොත් බැටරියේ එක life cycle එකක් සම්පූර්ණ වන්නේ නැහැ. එවිට අවසන් වනේ charge cycle බාගයක් පමණයි. නැවතත් පැය දෙකක් භාවිතා කර තවත් වරක් චාජ් කලහොත්, එවිට charge cycle “එකක්” සම්පූර්ණයි. (කලින් පැය 2 + දැන් පැය 2 = පැය 4)







About the Author

Write admin description here..

You might also like:

Facebook Blogger Plugin: By RNHckr.com

0 comments:

මේ ගැන ඔබට හිතෙන ඕනෑම අදහසක් උදහසක් පහලින් සදහන් කරන්න.

Custom Search
Follow4Follow - Follow 4 Follow The Best Social Media Exchange Website

Modern Techno ways

වර්තමානයේ සිංහල අන්තර්ජාල කලාවේ තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයෙන් දැනුම ගවේෂණයේ දී අනිවාර්යෙන්ම ඔබට පුළුල් පරාසයක විහි දූ විධිමත් තොරතුරු සමුදායක් දක්නට නොලබනු ඇත. ඉතින් එවන් තාක්ෂණික දැනුම් පිපාසිතයන් සදහාම අපි විසින් නිමැවූ SL ICTcafe ඔබට කදිම සන්ධිස්ථානයක් වේවි. සමුර්ධිමත් හා තාක්ෂණයෙන් සපිරි නව ශ්‍රී ලංකාවකට අපිත් දායක වෙමු....

පරිශීලක ගණන

දැන් වේලාව

IP Address Checker

© 2013 SL ICTcafe. WP Theme-junkie converted by ..-~*S|N*~-..
SL ICTcafe Bet365. Proudly Powered by Blogger.