Saturday, September 29, 2012

YouTube ගිහින් දැන් හති වැටිලද? එහෙනම් දුවන්න Maxthon වලට

SLICTcafe Technical Team   at  10:29 PM  No comments

                 ඔන්න යාළුවනේ අද මම ඔයාලට අරගෙන ආවේ පොඩි Trick එකක්. දින පතා Videos බලන්න YouTube යන අපේ යාළුවන්ට තියෙන ලොකු ප්‍රශ්ණයක් තමයි. YouTube එකේ තියෙන Videos තමන්ට පහසු ආකාරයකට බලන්න බැරි කම සහ බාගත(Download) කරගන්න තියෙන අපහසුතා. බාගත කරගන්න නම් Internet download manager වැනි උසස්තත්වයේ මෘදුකාංග තිබුනත් අපේ අය කීයෙන් කීදෙනාද එවැනි වාණිජමය මෘදුකාංග මුදල් ගෙවල ගන්නේ. බොහෝ අය කරන්නේ Crack කරල බාවිතා කරන එක. ඒකත් ටික කාලයි, මේ සඳහා අතුරු විසඳුම් විදියට විවිද Browser addons, extensions තිබුනත් ඒවාත් යම් යම් අවස්තාවලදී හරිහැටි ක්‍රියාත්මක වන්නේ නැහැ. ඔය මම කිව්වෙ Youtube එකේ Videos බාගත(Download) කරගන්න ගියාම විඳින්න වෙන කරදර.


අනිත් දේ තමයි YouTube හි වීඩියෝවක් බලන විට තමන්ට අවශ්‍ය විදියට එහි ප්‍රමාණය වෙනස්කරගන්න, පහසුවෙන් Minimize, Maximize කරගන්න, තමන් කැමති තැනකට චලණය කරන්න වගේ ගොඩක් බාවිතා කරන්නාගේ පහසුවට හේතුවෙන කරුනු අන්තර්ගතවන්නේ නැහැ. ‍මෙවැනි පහසුකම් බාවිතා කරන්නට නම් JetAudio වැනි සාමාණ්‍ය Desktop Media Player එකක් බාවිතා කරන්න වෙනවා. නමුත් ඉහත සඳහන් කල සියලු ගැටලු වලට විසඳුම් Maxthon වෙබ් බ්‍රව්සරයත් සමග අපට ලැබිලා තියෙනවා. මෙය Maxthon වෙබ් බ්‍රව්සරයටම විශේෂිත වූ ගුණාන්ගයක්.

මම පහතින් දක්වල තියෙන්නේ කොහොමද YouTube එක Maxthon Web Browser එකත් සමග සහයෝගයෙන් වැඩ කරන්නේ කියලා.

පැහැදිලිව බලාගැනීම සඳහා රූප මත ඔබන්න




Maxthon වෙබ් බ්‍රව්සරය අනේක් වෙබ් බ්‍රවිසරයන් හා සසඳන විට ඉතා වේගවත් මෙන්ම බාවිතා කරන්නාට පහසුවෙන අන්දමින් සැලසුම් කරන වෙබ් බ්‍රව්සරයක් කියන්න පුලුවන්. දැනටමත් ගොඩදෙනෙක් මෙය බාවිතා කරලත් ඇති. තවමත් උත්සාහ කරල නැති අය උත්සාහ කරල බලල අදහස් කියන්නකෝ..
මූලාශ්‍රය  :- sinhalapress.blogspot.com

About the Author

Write admin description here..

Facebook Blogger Plugin: By RNHckr.com

0 comments:

මේ ගැන ඔබට හිතෙන ඕනෑම අදහසක් උදහසක් පහලින් සදහන් කරන්න.

Custom Search
Follow4Follow - Follow 4 Follow The Best Social Media Exchange Website

Modern Techno ways

වර්තමානයේ සිංහල අන්තර්ජාල කලාවේ තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයෙන් දැනුම ගවේෂණයේ දී අනිවාර්යෙන්ම ඔබට පුළුල් පරාසයක විහි දූ විධිමත් තොරතුරු සමුදායක් දක්නට නොලබනු ඇත. ඉතින් එවන් තාක්ෂණික දැනුම් පිපාසිතයන් සදහාම අපි විසින් නිමැවූ SL ICTcafe ඔබට කදිම සන්ධිස්ථානයක් වේවි. සමුර්ධිමත් හා තාක්ෂණයෙන් සපිරි නව ශ්‍රී ලංකාවකට අපිත් දායක වෙමු....

පරිශීලක ගණන

දැන් වේලාව

IP Address Checker

© 2013 SL ICTcafe. WP Theme-junkie converted by ..-~*S|N*~-..
SL ICTcafe Bet365. Proudly Powered by Blogger.