
1980 දී Honda සමාගම ආරම්භ කරපු ව්‍යාපෘතියක් තමයි මිනිස් ක්‍රියාකාරකම් වලට ඉතා සමාන ක්‍රියාකාරකම් කල හැකි robot කෙනෙක් නිපදවීම. Honda සමාගම විසින් කරපු Honda E Series සහ Honda P Series පරීක්ෂණත් එක්කම1990 දී ජපානයේ Honda’s Wako Fundamental Technical Research Center හිදී Asmio නිෂ්පාදනය ආරම්භ කෙරුණු අතර 2000 ඔක්තෝම්බර් මාසයේදී පළවන අදියරේ නිෂ්පාදන කටයුතු නිම කළා.Asimo අද වෙනකොට ඉතා සාර්ථක නිෂ්පාදන වාර කිහිපයක්ම පසු කරලා තියෙන්නේ. ඒ වගේම අසාර්ථක වුණු තැනුත් නැතුවාම නෙමෙයි. ඒ වගේ තැනක් තමයි 2006 දෙසැම්බර් මාසයේ ටෝකියෝ වලදී තිබුන ප්‍රදර්ශන වාරයකදී පඩි පේලි නැගීමේ ක්‍රියාකාරකමක් කරන විට මේ පුංචි වීරයාව ඇද වැටුන එක. වැටි වැටි නැගිටිමින් ඉතා දුෂ්කර ගමනක් ආපු Asimo අද වෙනකොට මිනිස් ක්‍රියාකාරකම් සැහෙන ප්‍රමාණයක් ඉතා හොදින් අනුකරණය කරන්න පුරුදු වෙලා තියෙනවා.
Asimo ගේ උස 130cm ක් වෙනවා. බර 48kg ක්. ඉස්සෙල්ලට වඩා 6kg ක් අඩු කරලා තමයි අලුත්ම නිෂ්පාදනය 48kg ක් වුණේ. අංශක 57ක ප්‍රමාණයක් නිදහසේ හැසිරීමේ හැකියාව Asimo ට
තියෙනවා. ඒ කලින් නිෂ්පාදනයට වඩා අංශක 23ක වැඩි වීමක්. පෙර නිෂ්පාදනයේ 6km
/hour වේගයෙන් දිව්ව Asimo දැන් 9km /hour ක් වේගයෙන් දුවනවා.Asimo ලෝකේ ගොඩක් රට වල තියෙන ප්‍රදර්ශන වලට වගේම තාක්ෂණික සමුළු
වලටත් සහභාගී වෙනවා. 2012 ජුනි 4 වෙනිදා Asmio Germany වල Leipzig වලට
ගියේ AMI 2012 (Auto Mobil International) වලට සහභාගී වෙන්න. හැමෝගෙම
අවදානය දිනා ගත්ත පුංචි Asimo ප්‍රදර්ශන වාර 40 කට පමණ සහභාගී වුණා.
0 comments:
මේ ගැන ඔබට හිතෙන ඕනෑම අදහසක් උදහසක් පහලින් සදහන් කරන්න.