Pages

Wednesday, October 31, 2012

Facebook App Center නිකුත් වෙයි..

                                                       

Facebook App Center නිකුත් වෙයි..


Facebook තුලදී භාවිතා වෙන Apps එකතුව වර්ගීකරණය කර Facebook App Center නමින් (ජූනි 8 ) එළිදැක්වුවා. ආරම්භයේදී විවිධ ප්‍රවර්ගයන්ට අයත් ඇප්ස් 600ක් පමණ මෙම ඇප් සෙන්ටර් හි අන්තර්ගත බවයි පැවසෙන්නෙ.
https://www.facebook.com/appcenter ලිපිනය ඔස්සේ ​Facebook AppCenter වෙත ප්‍රවේශ වීමට පුළුවන්.
මෙහි ඇප්ස් ප්‍රධාන වශයෙන් වර්ග දෙකකට වෙන් කරල තියෙන්නෙ. එනම් Timeline Apps හා Mobile Apps ලෙසින්.
Timeline Apps ඔබගේ Facebook Timeline එකට එකතු වෙනවා. ඒවා ඔබගේ Timeline එකේ ඉහලින්ම දකින්න පුළුවන්.
Mobile Apps දැනට ක්‍රියාත්මක වෙන්නෙ Android හා iOS සඳහා පමණයි. ඒ සඳහා ඔබගේ Facebook Mobile App එක AppStore/PlayStore වෙතින් යාවත්කාලීන කරගතයුතු වනවා. එවිට “Apps & Games” ලෙසින් නව අයිතමයක් ප්‍රධාන මෙනුවට එකතු වේවි.
මෙම සියළුම ඇප්ස් ලැයිස්තු වෙත පරිගණය ඔස්සේ පිවිසෙන්න පුළුවන්. එසේ පිවිස “Go to App” හරහා Timeline එකට එකතු කරගැනීමටත්, “Send to Mobile” මගින් එම ඇප් එක බාගත කරගැනීමට ​ජංගම දුරකථනය වෙත link එකක් යැවීමටත් පුළුවන්. Mobile Apps බාගත කරගැනීමට Link එකක් පමණයි යැවෙන්නෙ. එවිට එම App එක අඩංගු AppStore / PlayStore පිටුව වෙත ඔබව යොමුකෙරෙනු ඇත.
AppCenter හි ඇති ප්‍රධාන වාසිය නම් අදාල ඇප් එක පිළිබඳ සියළුම විස්තර එකම පිටුවක දක්නට පුළුවන් වීම. එමෙන්ම අසම්පූර්ණ විස්තර සහිත ඇප් වල විස්තර සම්පූර්ණ කරන ලෙස ​Facebook සමාගම Apps වල Developersලාගෙන් ඉල්ලා සිටිනවා. ඔබත් Facebook App Developer කෙනෙක් නම්, App Center Tutorial මගින් විස්තර ලබාගෙන තමන්ගේ Apps වල detail pages සම්පූර්ණ කිරීම එම ඇප්ස් භාවිතා කරන්නන්ට පහසුවක් වේවි.


ලැප්ටොප් එකදිගටම විදුලිය හා සම්බන්ධ කර භාවිතය සුදුසුද?



ගොඩක් අය විවිධ මතයන් ඉදිරිපත් කරන මාතෘකාවක් තමයි බැටරිය විදුලිය හා සම්බන්ධ කරගෙන වැඩ කිරීම. සමහරෙක්ට අනුව එසේ කිරීම සුදුසුයි, තවකෙක්ට අනුව එසේ කිරීම සුදුසු නැහැ. මෙම සටහනින් කතා කිරීමට බලාපොරොත්තු වන්නේ ඒ ගැනයි.
ප්‍රධාන වශයෙන් අද වෙනකොට භාවිතා වෙන බැටරි වර්ගය තමයි ලිතියම්-අයන් (Li-ion). ලැප්ටොප්, ජංගම දුරකථන, කැමරා, ටැබ් ආදී අයිතම ගණනාවක් තුල භාවිතා වෙන්නෙ මෙම බැටර් වර්ගයයි. මීට පෙර භාවිතා වුනේ නිකල් බැටරි (Ni-MH) නිකල් බැටරි භාවිතා කලයුතු වුනේ බොහොම පරිස්සමින් (තවමත් ඇතැම් කැමරා වර්ග සඳහා තවමත් භාවිතා කරන්නෙ නිකල් බැටරි). මොකද මෙම බැටරි නැවත් ආරෝපණය (Charge) කරන්න, දැනට තියෙන ආරෝපනය සම්පූර්ණයෙන්ම අවසන් වන තුරු සිටිය යුතුයි. නැතුව අතරමැදින් චාජ් කලොත් වෙන්නෙ බැටරිය බොහොම ඉක්මනින් සවුත්තු වෙලා යන එක.
නමුත් ලිතියම් බැටරි වල තත්වය මීට වඩා ගොඩක් වෙනස්. මෙම බැටරි තුල වෙනමම පරිපථයක් අඩංගු වෙනවා බැටරියේ දැනට ආරෝපනය වී ඇති ප්‍රමාණය දැනගැනීමට. එම නිසා පරිපථය දන්නවා මේ වන විට බැටරියේ ආරෝපනය වී ඇති ප්‍රමාණය. එම නිසා නැවතත් විදුලිය හා සම්බන්න කල විට පරිපථය විසින් බැටරියේ හිඟ ආරෝපණ ප්‍රමාණය පමණක් ලබාගෙන චාජ් කිරීම නවතා දමනවා. එතැන් සිට කෙලින්ම ප්‍රධාන විදුලියෙන් තමයි උපාංගය බල ගැන්වෙන්නෙ.
ඇතැම් විට අලුතින් මිලදී ගත් ලැප්ටොප් වල පවා බැටරිය හානි වී ඇති බව මෙහෙයුම් පද්ධතිය මගින් දන්වනවා. නමුත් සාමාන්‍ය පරිදි නියමිත කාලයම උපාංගය ධාවනය වෙනවා ඔබ දැක ඇති. එසේ වන්නෙ කලින් සඳහන් කල පරිපථයට පමණත් හානි වී ඇති විටයි.

ලැප්ටොප් එකදිගටම විදුලිය හා සම්බන්ධ කර භාවිතය සුදුසුද?
පිළිතුර : ඔවු. ගැටළුවක් නැහැ

සමහරුන් මතයක් දරනවා බැටරිය චාජ් වී අවසන් වූ පසුව විදුලියෙන් විසන්ධි කර භාවිතා කල යුතු බවට. ජංගම දුරකථන, කැමරා, ටැබ් ආදියට නම් විදුලියෙන් විසන්ධි නොකර භාවිතා කිරීම ප්‍රායෝගිකව අපහසුයි. නමුත් ලැප්ටොප් එසේ අපහසු නැහැ. කෙසේ වුවත් මෙසේ විදු​ලියෙන් විසන්ධි කර භාවිතා කිරීමෙන් වෙන්නෙ බැටරියේ ආයු කාලය ඉක්මනින් අවසන් වෙන එක.
බැටරියක් නිෂ්පාදනය කිරීමේදී එහි ආයුකාලය charge cycle වලින් දල ගණනයක් සිදු කරනවා. බැටරියෙන් බැටරියට මෙම cycles ගණන වෙනස්. මෙහිදී එක cycle එකක් කියන්නෙ පැයක් දෙකක් භාවිතා කර නැවත චාජ් කිරීම නොවෙයි.
බැටරියේ එක charge cycle එකක ආයු කාලය පැය 4ක් කියා සලකන්න (charge cycle එකක ආයුකාලය යනු සම්පූර්ණයෙන්ම චාජ් කර, නැවත චාජ් කිරීමකින් තොරව සම්පූර්ණයෙන්ම බැස යන තෙක් සම්පූර්ණ කාලයයි). මෙම බැටරිය පැය දෙකක් භාවිතා කර නැවත වරක් චාජ් කලහොත් බැටරියේ එක life cycle එකක් සම්පූර්ණ වන්නේ නැහැ. එවිට අවසන් වනේ charge cycle බාගයක් පමණයි. නැවතත් පැය දෙකක් භාවිතා කර තවත් වරක් චාජ් කලහොත්, එවිට charge cycle “එකක්” සම්පූර්ණයි. (කලින් පැය 2 + දැන් පැය 2 = පැය 4)







Sunday, October 7, 2012

මිනිස් මොලේ දැන් කියවන්නලු යන්නේ..





                           ඇමෙරිකා එක්සත් ජනපදයේ Veritas Scientific ආයතනය මගින් අලුත් වැඩකට අත ගසා තිබෙනවා. එනම් මිනිසුන්ගේ හිත කියවිය හැකි උපකරණයක් නිර්මාණය කිරීමයි. විවිධ ඡයාරූප දුටු විට මොලයේ ඇති වන එකිනෙකට වෙනස් විද්‍යුත් චාප හදුනාගෙන ඒ ඇසුරින් අදාළ පුද්ගලයාගේ අදහස් හදුනාගැනීම තමයි මෙහි අරමුණ වෙන්නේ. උපකරණය ආරම්භයක් විදියට ඇමෙරිකානු ආරක්ෂක අංශය විසින් ත්‍රස්තවාදීන් හදුනා ගැනීමට දැනට භාවිතයට ගෙන තිබෙනවා. එහි ප්‍රතිපල සාර්ථක වූවොත් උපකරණය තව දුරටත් වැඩි දියුණු කිරීමට නියමිතයි.

A company called Veritas Scientific has developed a helmet that it claims can help determine if a person has "malicious intent." The device uses a well-known, non-invasive technique and may help soldiers and police investigate more efficiently.
 



මූලාශ්‍රය = http://www.engadget.com/2012/07/12/eeg-headware-interrogates-neurons/http://www.futureoftech.msnbc.msn.com/technology/futureoftech/brain-monitoring-helmet-could-help-tell-friend-foe-878446
http://www.tech-handiya.comhttp://www.tech-handiya.com












මේ වීඩියෝ එකත් බලන්න.