Pages

Sunday, September 16, 2012

SMS වලින් මහවලියෙ ජලය එනවද?


      
    මහවැලි ජලාශයන්හි ජල මට්ටම පිළිබද තොරතුරු කෙටි පණිවිඩ (SMS) මගින් ජංගම දුරකතනයට ලබා දීම පිළිබදව ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායතනයේ (ICTA) අවධානය යොමු වී තිබේ.

විශේෂයෙන්ම මෙමගින් ගොවි ප්‍රජාවට සිය කෘෂිකාර්මික කටයුතු විධිමත්ව සැලසුම් කර ගැනීම සදහා විශාල පහසුවක් වනු ඇතැයි නියෝජිතායතනය පවසයි.

ජලාශයන්හි ජල මට්ටම 40% දක්වා අඩු වු විටදී සහ ජල මට්ටම 90%-95% අතරට පැමිණි විටදී මෙසේ කෙටි පණිවිඩ මගින් ගොවි ජනතාව දැනුවත් කිරීමට සැලසුම් කර තිබේ.
ජලාශයන්හි ජල මට්ටම ඉහළ ගිය අවස්ථාවන්හි එම ජලාශ ප්‍රදේශ අවට ජීවත්වන ජනතාවගේ ජීවිත සහ දේපළ සුරක්ෂිත කර ගැනීම සඳහාද මෙය වැදගත් වනු ඇතැයිද නියෝජිතායතනය පවසයි.
රාජ්‍ය තොරතුරු කේන්ද්‍රය (1919) ඔස‍්සේද මෙම සේවාව ලබා දීමට අපේක්‍ෂා කරන බවද නියෝජිතායතනය සඳහන් කරයි.

මූලශ්‍රය: sannasa.lk

No comments:

Post a Comment

මේ ගැන ඔබට හිතෙන ඕනෑම අදහසක් උදහසක් පහලින් සදහන් කරන්න.