Pages

Saturday, November 24, 2012

3D කලාව

 හැමෝම කතාකරන 3D Technology ගැනයි මේ...........!

අප ‍‍ගේම් හෝ ෆිල්ම් බැලීමේදී අපට බැලිය හැකිවන්නේ ද්විමාණව ඒ මොකෝ දන්නවද අපේ පරිගණක තිරය ද්විමාණ බැවිනි. එහෙත් ඔබට මතක ඇති ජේම්ස් කැමරන් නිශ්පාදනය කල ඇවටර් චිත්‍රපටයට ලොව ප්‍රතම ත්‍රිමාණ චිත්‍රපටයටයයි. එහෙත් මීට පෙර ත්‍රිමාණ ෆිල්ම් කොපමණ නිශ්පාදනය කර තියෙනවද....... ඇයි මේක ලොව ප්‍රතම ත්‍රිමාණ චිත්‍රපටයටය යැයි නම් කලේ.......ඒකට හේතුව මෙම චිත්‍රපටයට ත්‍රිමාණ 

සජීවීකරණ වලින් සමන්විත ප්‍රතම චිත්‍රපටිය නොව ත්‍රිමානව බැලියහැකි ප්‍රතම චිත්‍රපටියයි...... සරලව කිවහොත් එම චිත්‍රපටිය ත්‍රිමාන පහසුකම් ඇති චිත්‍රපට ශාලාවක බැලුවහොත් එම සිද්දීන් අප ඉදිරිපිට සිදුවන ආකාරයට මවාපෑම් සිදුකිරීමයි.............


සූර්යාගෙන් නිකුත්වන සුදු ආලෝකය වර්ණ අතර සන්කලනය වන අතර අප අවට වස්තූන් විවිද වර්ණයෙන් දිස් වනුයේ එම වස්තූන් මත සුදු ආලෝකය පතිතවූ විට සුදු ආලෝකයට අයත් වර්ණ අතරින් එම වස්තුවට අදාල වර්නය පමනක් පරාවර්තනය වීමයි. උදාහරණයක් ලෙස නිල් පැහැති වස්තුවකට ආලෝකය පතිතවූ විට සූර්‍යාගේ සුදු ආලෝකයේ ඇති අනෙකුත් වර්ණ සැඟවී නිල් පැහැති ව

ර්ණය පමනක් පරාවර්තනය වේ..........

ඔබේ මුහුන ඉදිරියෙන් පැන්සලක් තබාගන්න. දැන් ඇසක් වසා බලන්න. එඅ ඇස ඇර අනෙක් ඇස වසා බලන්න පැන්සල තිබෙන ස්තානය වෙනස් වෙනවා නේද.......... 3D තාක්ශනයටත් යොදාගෙන ඇත්තේ එම මූලදර්මයමයි..............


ත්‍රිමාණ චිත්‍රපටයක් පියවි ඇසින් ද්විමාන ලෙස දර්ශනය උවද ත්‍රිමාණ කන්නාඩියක් මගින් නැරබීමේදී එම දර්ශනය ත්‍රිමාණ ලෙස දර්ශනය වේ..........

දැන් ඕගොල්ලන්ටත් 3D ගැන උනන්දුවක් ඇතිවෙන්නැති. you tube එකේ එහෙම සර්ච් කරල බලන්නකො 3D විඩියෝ........හැබැයි ඉතින් 3D ග්ලාස් එකක් තියෙන්න ඔනෙ ඒක 3D විදිහටම බලන්නනම්........................

2 comments:

  1. සාමාන්‍ය මොනිටර් වලින් 3D වීඩියෝ බලන්න පුලුවන්ද?

    ReplyDelete
    Replies
    1. එහෙමත් පුලුවන්. හැබැයි දන්නවනේ..... එතකොට 3D කණ්ණාඩි දාන්න වෙනවා.

      Delete

මේ ගැන ඔබට හිතෙන ඕනෑම අදහසක් උදහසක් පහලින් සදහන් කරන්න.