Pages

Friday, August 24, 2012

ICANN වැඩක්


ICANN පාලනය කරනු ලබන ICANN  ආයතනය විසින් ( The board of directors of the Internet Corporation for Assigned Names and Numbers )  දැනට භාවිතා කරනු ලබන ප්‍රධාන ඩොමේන් නාම (gTLDs / generic top-level domains) සංඛ්‍යාව වැඩි කිරීම සදහා අනුමැතිය ලබා දී ඇත. වර්ථමානයේ top-level domains 22 ක් භාවිතා කරනු ලබයි. සිංගප්පූරුවේ පැවති රැස්වීමකදී ICANN  ආයතනයේ අධ්‍යක්ෂ මණ්ඩලයේ සාමාජිකයින් විසින් මෙම තීරණය ගෙන ඇති අතර මෙම නව ඩොමේන් නාම සදහා අනුමැතිය 2012 වසරේ ජනවාරි මස 12 සිට අප්‍රේල් මස 12 දක්වා කාලය තුල ගනු ඇත.

Web හතිය

  වර්තමානයේ ලංකාවෙන් මසකට සැලකිය යුතු සං‍ඛ්‍යාවක වෙබ් අඩවි බිහිවෙමින් පවතී. ඇතැම් වෙබ් අඩවි අන්තර්ජාල පරිශිලකයන්ට ප්‍රයෝජනවත් වෙබ් අඩවිය. ඇතැම් වෙබ් අඩවි වල කිසිදු ප්‍රයෝජනයක් නැත. කැළිකසළ වෙබ් අඩවි නමින් මෙහිදී අදහස් කළේ එවැනි ප්‍රයෝජනයක් නොමැති වෙබ් අඩවිය. මෙවැනි වෙබ් අඩවි වල සම්පූර්ණයෙන්ම වාගේ දක්නට ඇත්තේ පින්තූරය. මෙවැනි වැඩකට නැති වෙබ් අඩවි  වෙත පිවිසීමේදී අපතේ යන Bandwidth ප්‍රමාණය විශාලය. වෙබ් අඩවිය පුරාවටම ඇත්තේ පින්තූර බැවින් එම පින්තූර වල  ධාරිතාව වැඩිය. මෙවැනි වෙබ් අඩවියක් Load විම සදහා වැය වන කාලයද වැඩිය. 

මෙවැනි වෙබ් අඩවි සාදා තිබෙනුයේ මුදල් ඉපයීම සදහා පමණි. මෙවැනි වෙබ් අඩවි වලට එන අන්තර්ජාල පරිශීයකයන් රවටා දැන්වීම් මගින් මුදල් ඉපයීම වෙබ් අඩවි වල හිමිකරුවන් විසින් සිදුකරගෙන යනු ලබයි. වෙබ් අඩවියේ පවතින පින්තූර වල ජනප්‍රිය පුද්ගලයන්ගෙ නම් , පින්තූර යොදා ගනිමින් බොහෝ විට ව්‍යාජ කරුණු දක්වමින් නිර්මාණය කර ඇති අතර පරිශීලකයන් නොදැනීම රැවටී එහි ඇති අන්තර්ගතයන් බැලීමට  අදාළ සැබැදි වලට ගිය විට පින්තූර වල දක්වා ඇති කරුණු කිසිවක් නැත. පරිශීලකයා රැගෙන යනුවේ තවත් වෙබ් අඩවියකටය. නැතහොත් යම් කිසි පින්තූරයක් ඇති වෙබ් පිටුවක් වෙතය. එහි දැන්වීම් පුරවා තිබීමද දක්නට ලැබේ. මෙවැනි වෙබ් අඩවි නිසා ඇතැම් පුද්ගලයන්ට සිදුවන හානියද විශාලය. එවැනි පුද්ගලයන් මෙවැනි වෙබ් අඩවිවලට එරහිව නීතිමය පියවර නොගන්නා බැවින් මෙවැනි වෙබ් අඩවි බිහිවීමට හේතුවක් වී ඇත.

Windows 8


Microsoft සමාගමේ නවතම මෙහෙයුම් පද්ධතිය වන Windows 8 හි අත්හදා බැලීමේ සංස්කරණය Windows 8 Developer Preview නමින් නොම්ලේ බාගත කිරීම සදහා නිකුත් කර තිබේ.  32-bit හා 64-bit යන සංස්කරණ දෙකකින් යුතුව අත්හදා බැලීමේ සංස්කරණය නිකුත් කර ඇති අතර මෙය ISO ගොනුවක් ලෙස බාගත හැකිය. බාගත කිරීම සදහා


 

පද්ධති අවශ්‍යතාව
  • 1 gigahertz (GHz) or faster 32-bit (x86) or 64-bit (x64) processor
  • 1 gigabyte (GB) RAM (32-bit) or 2 GB RAM (64-bit)
  • 16 GB available hard disk space (32-bit) or 20 GB (64-bit)
  • DirectX 9 graphics device with WDDM 1.0 or higher driver
  • Taking advantage of touch input requires a screen that supports multi-touch

UN ESCAP කමිටුවේ සභාපතිත්වය



එක්සත් ජාතීන්ගේ  ආර්ථික හා සාමාඡීය කොමිසමේ (UN ESCAP) තොරතුරු තාක්‍ෂණ කමිටුවේ   සභාපතිත්වය යළිත් වරක් ශ්‍රී ලංකාවට හිම් වී ඇති අතර ඒ අනුව   ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතාට තවත් වරක් ජගත් ආර්ථික හා සාමාඡීය කොමිසමේ තොරතුරු තාක්‍ෂණ කමිටුවේ සභාපති ධුරය දරණ ලෙසට සියළු‍‍‍ම රටවල් ඒකඡන්දයෙන් යෝජනාවක් සම්මත කර ගෙන ඇත.
දකුණු කොරියාව, ඉන්දියාව, මැලේසියාව, ඔස්ටේලියාව ආදී තොරතුරු හා  සන්නිවේදන ක්ෂේත්‍රයේ ඉදිරියෙන් සිටින රටවල් රැසක සහභාගිත්වයෙන් තායිලන්තයේ බැංකොක් නුවරදී මෙම කමිටු රැස්වීම පසුගියදා පැවැත්විණි.
‘ඉ- ශ්‍රී ලංකා’ වැඩපිළිවෙල ඔස්සේ  මෙරට තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණය අර්ථවත් ලෙස ක්ෂේත්‍ර ගණනාවක ව්‍යාප්ත කිරීමට හැකිවීමත් අන්තර්ජාතික වශයෙන් ඒවා ඇගැයීමට ලක්වීමත් මෙම ධුරය ශ්‍රී ලංකාවට හිමිවීමට ප්‍රධාන හේතුවක් වු බව ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායතනයේ (ICTA) ප්‍රධාන විධායක නිලධාරී රෙෂාන් දේවපුර මහතා පවසයි. එමෙන්ම තොරතුරු තාක්ෂණ ක්‍ෂේත්‍රයේ ලබා ගත් ප්‍රගතිය අඛන්ඩ ලෙස පවත්වා ගෙන යෑමට රජය සමත්වීම තව දුරටත් මෙවැනි සුවිශේෂ තනතුරක් ශ්‍රී ලංකාවට හිමිවීමට හේතු වු බව ඔහු සදහන් කරයි.

නව යාහූ Search Direct විශේෂාංගය

යාහූ විසින් සිය සෙවුම් යන්ත්‍රය සදහා නව විශේෂාංගයක් හදුන්වාදුන් අතර මෙය Search Direct නමින් හදුන්වයි. මෙම Search Direct තාක්ෂණය ගූගල් විසින් හදුන්වාදුන් Instant Search තාක්ෂණයට සමානකමක් දක්වන අතර ගූගල් සමාගම මෙය හදුන්වාදුන්නේ පසුගිය අවුරුද්දේ සැප්තැම්බර් මාසයේදීයි. මෙම Search Direct තාක්ෂණය මගින් යාහූ සෙවුම් යන්ත්‍රය මගින් යමක් සෙවීමේදී search box එකෙන් පහළ drops down box එකක් භාවිතා කරමින් search box එක තුළ ඇතුළත් කරන වචන වලට අදාළ වඩාත් ජනප්‍රිය සෙවුම් මාතෘකා පෙන්නනු ලබන අතර මෙයට ගූගල් Instant Search වලට වඩා විශේෂාංග එක්කර තිබේ.



තවමත් මෙය beta මටිටමේ පවතින අතර මෙය අත්හදා බැලීමට නමි search.yahoo.com වෙබ් ලිපිනයට පිවිසිය යුතුයි.

Thursday, August 23, 2012

Internet යනකොට අමාරුවේ වැටෙන සිංහලයන්ට මෙන්න

 මෙන්න සුබස ඉගිය 


අන්තර්ජාලයේ සැරිසරන කොට අහුවෙන නානාප්‍රකාර ඉංගිරීසි වචනවල තේරුම කස් ගාල හොයාගන්න මේක නියම ඇඩෝන යක්. කොටින්ම කියනවනම් මවුස් පොයින්ටරේ ඕන වචනේ ලගට ලන්කරන්න විතරයි තියෙන්නේ. Firefox හැබැයි කාරයින්ට විතරයි. මාත් මේක පාවිච්චි කරනවා. 


ඔයත් කැමතිනම් දැන්ම බාගන්න මෙන්න Link 1



ඉතින් බාගන්න හැටි අවුල් වගේ නම්, තවත් විස්තර දැනගන්න ඕන නම් යන්නකෝ මේ Site ට